පුස්තකාල ගිනි තැබීම හා බ්‍රිතාන්‍ය පුස්තකාලය

ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ. සෙනසුරාදා හවස 5 පුස්තකාලය වහන නිසා අපි එලියට වෙල එයින් පිටවෙන දැනුම පිපාසිතයන් දෙස බලා හිටිය. අපට මතක් වුනේ ලංකාවේ අපි සමාජිකත්වය ලබා සිටි පුස්තකාල හා ගාළුමුවදොර ‘ගෝටාගෙදරපල’ ගමේ පුස්තකාලයේ ඉරණම.

Reading membership in the British Library

මම පාසැල් පුස්තකාලවලට අමතරව ගෝණාපීණුවල – මීටියාගොඩ ගම්සභාවට අයත් ආරච්චිකන්දේ තිබූ පුස්තකාලයේ සමාජිකත්වය තිබුන. ඇත්තටම එහි  තිබුනේ ගමේ [මටිවල] ශ්‍රි රාහුල ප්‍රජාමණ්ඩලයේ සාමුහික සමාජිකත්වයක්. ගමේ ඉඳන් කිලෝ මීටර 5 දුරින් තිබුන පුස්තකාලයට අපි බයිසිකල්වලින් ගිහින් පොත් මිටි බැඳගෙන ඇවිත් කියෙව්ව.  කාලයක් සියඹලාන්ඩුවේ හේන් කොටද්දී එහි ගම්සභා පුස්තකාලයේ සමාජිකත්වය කියවීම වෙනුවෙන් අරගත්ත. තවත් කාලයක්න් තලවාකැලේ ටවුමේ කඩමැස්සක වැඩකරද්දී තලවාකැලේ – ලිදුල නගර සභා පුස්තකාලයේ සමාජිකත්වය දැරුව. ගාලු නගර සභා පුස්තකාලයෙත් කලක් සමාජිකත්වය දැරුව. වසර දෙකක් විතර ලුණුගල පුස්තකාලයෙක්ව සිටියා. අන්තිමට ප්‍රධාන පුස්තකාලයක සමාජිකත්වය ලංකාවේදී දැරුවේ කොළඹ නගර සභා පුස්තකාලයේ. වසර ගණනාවක් කොළඹ දී අපේ දවල් කාලයේ නිවහන වුනේ විහාරමහාදේවි උයනේ තිබෙන මේ පුස්තකාලයයි. මේ පුස්තකාලවල පොදු තත්වය වුනේ  එහි සේවකයන් කිසිවෙක් පොත්පත් වලට ආදරය නොකිරීමයි. එහෙත් ඊශ්වරී කොරයා කොළඹ නගර සභා පුස්තකාලයේ ලොක්කි වෙල හිටපු කාලේ තමයි එහි ස්වර්ණම යුගය ගෙවුනේ.

මේ අතරින් අපි මෑතක් වෙනකල් කියවන්න ගිය කොළඹ කෞතුකාගාර පුස්තකාලය හා ජාතික පුස්තකාලය ගැනත් යමක් ලිවිය යුතුයි. කෞතුකාගාර පුස්තකාලයේ වඩ කරන්න්ම බෑ. එතන මේස තුන හර්හරකට වඩා නෑ.  වැඩකරන එවුන් සල්ලාපයේ යෙදෙන්න එතනට එන්නේ. උන් පත්තර බලන අතරේ මහ හයියෙන් කයිය ගහනව. කියවන්න තියා නිකං වාඩිවෙල ඉන්න්වත් බෑ. ජාතික පුස්තකාලය දැන් තරමක් හොඳයි. ඒත් එතන ඉන්නේ රස්සාවල් කරන එවුන් ටිකක් විතරයි. කිසිම ජාතික කමක් එතන නෑ.

මොනතරමක් යටත්විජිතවාදයට හා අධිරාජ්‍යවාදයේ සතුරෙක් වුවත් බ්‍රිතාන්‍ය පුස්තකාලය ගියාම ඒ හතුරුකම කලකට සංසිඳනව. විශේෂයෙන්ම ඉංදියානු අංශයේ හා සිතියම් අංශයේ ඒ විෂයයට අදාල සියල්ල්ම තියෙනව. නැතිනම් ලෝකේ ඕනෑම තැනකින් ගෙන්වා දෙනව. පන්සයක ගාස්තුවක්වත් නොගෙන. මිට කලින් පහිගිය සියවසේ බ්‍රිතාන්‍ය පුස්තකාලය කීප පොලක තිබුනේ. එයින් ප්‍රධාන හා ප්‍රසිද්ධම එක බ්‍රිතාන්‍ය කෞතුකාගාර පුස්තකාලය. කාල් මාක්ස් කැපිටාල් වෙළුම් තුනම ලිව්වේ එතන වාඩිගෙන. ඒකාලේ මාක්ස් වැඩකල මේසේ ගහල තිබුන ‘කාල් මාක්ස් වසර 18 [වර්ෂ සමඟ] මේ මෙසේ වැඩ කළා කියල. කාලයක් බ්‍රිතාන්‍ය පුස්තකාලෙ ප්‍රචාරක පත්‍රිකාවක කවරේ තිබුනේ වී. අයි. ලෙනින් වෙනත් නමකින් එහි සමාජිකත්වය ඉල්ලිමට ලියූ වචන හා අත්සන. එත් ලෙනින් ආරුඪ නාමයකින් ඒ සමාජිකත්වය අරන් තිබුනේ.

බ්‍රිතාන්‍ය පුස්තකාලය ලංකාවට වටින්නේ එහි හියු නෙවිල් එකතුවේ ඇති පුස්කොල 3000 කට කිට්ටු ප්‍රමාණය හා ලංකවේ ලංකාවේ මුද්රණ ඉතිහාසයේ ආරම්භයේ සිට 1960 දක්වා මුද්රණය කෙරුණු පොත්වල පිටපත් තිබෙන නිසයි. මෙයින් නෙවිල් එකතුවේ කැටලොගය කේ.ඩී. සෝමදාස විශාල වෙළුම් හතකින් සම්පූර්ණ කරලයි තියෙන්නේ. එහෙත් මුද්රිත පොත් වලින් කොටසක් විතරයි කැටලොගයකට අරන් තියෙන්නේ. අනික්ව අට්ටි ගහල තියෙනව. අවසාන වතාවට ලංකාවේ මහැදුරෙක් මෙහිදී හමුවුණේ 1999 දී. ඒ කාරුණික මිත්‍ර දිවංගත මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න.

පුස්තකාලයේ ඉදිරියේ කියවන්නන්ගේ පහසුවට ඇති කුඩා භොජුන්හලක පුටුවක වාඩිවී සිටි අපට කාල් මාක්ස් වගේ රැවුල් වවාගත්තු වෙනත් ග්‍රහලෝක වලි පැමිණි විවිධ වර්ණ මනුශ්‍යයන් එයින් පිටවෙනු පෙනුන. ලෙනින් වගේ උදවියත් දැක්ක. තරුණවියේ පටන් මහළුවිය දක්වා වයස්වල මේ උදවිය බාවනාවක ඇවිත් පිටත්වෙන පිරිස් වගෙයි පේන්නේ. මේ දවස්වල එකම වෙනස එහි එන තරුණ ස්ත්‍රීන් හැකිතාක් අඩුවෙන් ඇදුම් ඇඳ සිටිමයි. ඔවුන් හිතන්නේ ලැජ්ජාවට වැසිය යුත්තේ තනපුඩු හා වසාරොද පමණක් බවයි. ඉතින් පිරිමි ඇස් කුරුළු ඇස් වගේ වටේට කැරකෙනව. බොහොම විනීතවයි ඔවුන් සුන්දරතව විඳගන්නේ.

අපේ හුදකලා පැවැත්ම දැනෙන්නේ අද බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පර්යේෂණයේ යෙදෙන බුද්ධිමතෙකුගේ බුද්ධිමය නිෂ්පාදනයක් ලංකාවට ඒ බසින් එන්නම වසර 10 -20 ගත වෙනව. සිංහලට පරිවර්තනය වෙන්න යන කාලය හිතන්නත් අමාරුයි. එකට හොඳම උදාහරණය මාක්ස්ගේ කැප්ටාල්. කැපිටාල් පලමුවෙනි වෙළුම පිටවුනේ 1867. ලංකාවට මාක්ස්වාදය එන්නේ 1920 ගනන්වල අවසානයේ. ඒ කියන්නේ අවුරුදු 60කට පස්සේ. තවත් ජාත්‍යාන්තර භාෂාවලින් ලියවෙන පොත් ලංකාවට පමිණිමේ ඉතිහාසයේ අවුල මීටත් වඩා බිහිසුනුයි. පසුගිය සියවසේ මාක්ස්වාදී දේශපාලන න්‍යායට බරපතල එකතු කිරීම් කල අන්තෝනියෝ ග්‍රම්ස්ච් ෆැසිස්ට් මුසෝලිනීගේ හිරගෙදරක මැරෙන්නේ 1937. තවත් අවුරුදු ගණකට පස්සේ ඉතාලි බසින් ලියැවුනු එයාගේ ‘හිරගෙදර සටහන් පොත්’ මුද්රණය වෙන්නේ. අපි ග්‍රම්ස්චි ග්‍රම්ස්චි ගැන දැනගන්න අචාර්ය නිවටන් ගුණසිංහ පොත් පිංචක් ලියනකල් ඉන්න වුණා. ඒක සිදු වුනේ 1980 මුල. ග්‍රම්ස්චි මැරිල අවුරුදු 40 කට පස්සේ.

අපිට පුස්තකාල හා පොත් ගිනි තැබීමේ “කීර්තිමත් ඉතිහසයක්” මිස එවා කියවා නව දැනුම නිෂ්පාදනය කිරීමේ ඉතිහාසයක් නෑ. මහාවිහාරය අනුරාධපුර යුගයේ මුලදී හෙලටුවා ගිනී තැබිමෙන් මේ වැඩේ පටන් ගත්තේ. එය අවුරුදු 2000 පැමිණ යාපන පුස්තකාලය හරහා ගාලු මුවදොරට පැමිණියා. ලංකාව නවින ලොකයට එකතුවෙන්න විශාල දුරක් යායුතුමයි. දැනුම බලය නොවි එක සිද්ධවෙන්නේ නෑ. දැනුමට ගිනි තියන රටක්, දැනුම නොතකන රටක ඒක වෙන්නේම නෑ. ඊනියා නිදහස් ලංකාව අවුරුදු 74 කැරකිල පරණ තැනටම ඇවිත්. මේ සියවසේ ලංකාවේ යන ගමන තීන්දු කරන්නේ නවදිල්ලිය. ඒක වෙනස් කරන්න සමාජ විප්ලවයකින් තොර බෑ. ඒ සඳහා අත්‍යාවශ්‍ය දැනුම ලංකාවේ විප්ලවකාරී ය කියන දේශපාලන නායකත්වයට ඇති බවක් පෙනෙන්න නෑ. නැතිනම් ලංකාව ඔය ගවරවලේ තියෙන්න බෑ.

නන්දන වීරරත්න

22/05/2022

Social Sharing
නවතම විශේෂාංග