2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි. මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය. මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ…
Read MoreTag: කම්කරු අයිතීන්
වතුකරයේ රුපියල් 1,000 හර්තාලය සාර්ථකයි!
දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතීන් දිනා ගැනීම උදෙසා උතුරු නැගෙනහිරන් සිව් දින අඛණ්ඩ විරෝධතා දියත් වෙද්දී, වසර ගණනාවක් තිස්සේ ඉටු නොවු මුලික වැටුප වැඩි කර ගැනීමේ වතු කම්කරුවන්ගේ සටනට සහාය පල කරමින් මධ්‍යම කඳුකරයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පෙබරවාරි 5 සිකුරාදා වතුකරය පුරා සාර්ථක හර්තාල් ව්‍යාපාරය දියත් කෙරෙන බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ. වතු කම්කරුවන් ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථකව සිදු කෙරෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්, වතු යටිතල සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය…
Read Moreවරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?
වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල නැගෙනහිර පර්යන්තය බදු දීම පිලිබඳ දැණුවත් කිරීමේ සාකච්ඡා මෙන්ම නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් දියත් කිරීමට කෙරෙන සමාජය පෙළ ගැස්වීමේ ක්‍රියාකාරකම් තුල අපි නිරීක්ෂණය කල කාරණා කිහිපයකි. සෞභාග්‍ය දැක්ම යටතේ දේශීය ආර්ථිකයක්, නිවහල්, ස්වාධීන රටක් ආදී තේමාවන් මුල් කරගෙන ගෝටාබය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කල කණ්ඩායම් තමන් අපේක්ෂා…
Read Moreබියගම ඇන්සල් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර උද්ඝෝෂණයක් දියත් කෙරේ!
බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා ආයතනයේ පාලනාධිකාරිය විසින් හත් වසරකට ඉහත දී සේවයෙන් නෙරපා හරින ලද කම්කරුවන්ට යුක්තිය ඉටු කර ගැනීම සදහා නව ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ජනවාරි 21 වන දින ඔස්ට්‍රේලියාවෙන් අරඹා තිබේ. වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම මෙම කම්කරුවන් සේවයෙන් පහ කරන ලද්දේ වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමේ ‘වරදටය’. එමගින් ඇන්සල් සමාගම ඉලක්ක කර ඇත්තේ තම ආයතනයේ ක්‍රියාත්මක ශක්තිමත් වෘත්තීය සමිති කඩාදැමීමය. ඕස්ට්‍රේලියා-ආසියා කම්කරු සබැඳිය (Australia Asia Workers Links – AAWL) විසින් ඇන්සල් සේවකයන්ට ජාත්‍යන්තර සහාය එක් කිරීම වෙනුවෙන්…
Read Moreකම්කරුවෙකුට රක්ෂණ වන්දි/ අරමුදල් හිමි නැද්ද?
වැඩ බිම් වලදී බොහෝ විට අනතුරු වලට ලක් වන්නේ මේ රටේ කම්කරු පන්ති ජනතාව වන අතර ඒ නිසා කම්කරුවන්ගේ යහපත උදෙසා පවතින රක්ෂණ වන්දි ක්‍රම ප්‍රමාණවත් නැති හෙයින් නීති වෙනස් කර වැඩ වැඩබිම්වල, වැඩපළ වල අනිවාර්ය රක්ෂණ ක්‍රමයක්, ඇති කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න යුරෝපය, ඇමරිකාව වැනි බොහෝ රටවල වැඩ බිම්වලට සහ ඒවායේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශේෂ සේවක රක්ෂණ ක්‍රම සහ අනතුරු වන්දි රක්ෂණ ක්‍රම තිබුණත්, ලංකාවේ කම්කරුවන් සහ වැඩබිම් සඳහා එවැනි රක්ෂණ වන්දි ක්‍රමයක් නොතිබීම විශාල…
Read Moreයලිත් නිදහස් වෙළඳ කලාප වල කොවිඩ්?
වතුපිටිවල, මාතලේ – නාඋල කම්හල් දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි. නමුත් මේ වන විට වතුපිටිවල පමණක් නිදහස් වෙළඳ කලාපයේ 150 ක් පමණ ආසාදිතයින් බව තහවුරු කර ගෙන ඇත. මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව (21) උදෑසන වනවිට 101 දක්වා ඉහළ ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසා තිබුණි. පසුගිය 20 වෙනි දිනය…
Read Moreවතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!
2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර තිබුණි. ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා…
Read More