යුද්ධයෙන් දොළොස් අවුරුද්දක් ගිය පසුත් උන්හිටි තැන් අහිමිවූ ජනකායක් ඉන්නා නැගෙනහිර පළාතේ ආයෝජන සඳහා පවරා දී ඇති ඉඩම්වලින් ආණ්ඩුව අපේක්ෂා කළ කෝටි ගණනක මුදලක් ලැබී නැති බව හෙළිවී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සදහා දීර්ඝකාලීන බදු සහන මත ලබාදී ඇති ඉඩම් වලින් රජයට අයවිය යුතු තිස්හතර කෝටි හැට අට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම ඔවුන් විසින් පැහැර හැර ඇති බව ඉඩම් අමාත්‍යවරයා පවසයි. එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පෙබරවාරි 9 අගහරුවාදා පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඒ බව හෙලි කර තිබේ. කුච්චවේලි…
Read MoreTag: ඉඩම් අයිතිය
මහවැලි අධිකාරිය අක්කර දහස් ගණනක් පවරා දීමට විරෝධතා!
අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින් මහඔය නගරයේ දී විරෝධතාවක් දියත් කර තිබේ. උද්ඝෝෂකයන් පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලෙබැද්ද – රඹකැන්ඔය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වනාන්තර අක්කර 5,426ක් මේ වනවිට සමාගම් ගණනාවකට බඩඉරිඟු වගාව සදහා ලබා දී ඇති බවයි. එම වනාන්තර කේන්ද්‍රකරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයී උද්ඝෝෂකයෝ පවසති. දෙසැම්බර් 10 දින මහඔය නගරයේ දී දියත් කළ විරෝධතා ව්‍යාපාරය බින්තැන්නපත්තුව සුරැකීමේ…
Read More