2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දී ඇත. මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ…
Read MoreDay: January 25, 2022
“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්
34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවසීය. තිස් හතර වසරකට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත් සභාවලට එරෙහි වූ නායකයන්ම ඉන්දියාවේ උවමනාවට දැන් එය ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන බව ප්‍රකාශ කරන ඒ මහතා ‘අවුරුදු 34 කට කලින් 1987 දී 13 වැනි සංශෝධනයත්, පළාත් සභා නීතියත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න හදන කොට අද TNA නායකයා ආර්. සම්බන්ධන් එදා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ හිටියේ.…
Read Moreයුක්තිය පතා අගරදගුරු ජාත්‍යන්තරයට
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය පතා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යනබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කරති. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානන් මේ බව ප්‍රකාශ කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, දේශීයව නීතිය ක්‍රියාත්මක නොවීම තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විකල්පයක් කතෝලිකයන්ට නොමැති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කතෝලික සභාව සමග සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලට සාධාරණත්වය පතා අයාචනය කරන බව ප්‍රකාශ කරන ඒ හිමියන් කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක් බවත් එයට ලෝකය පුරාම සම්බන්ධතා ඇති බවත්…
Read Moreපරාරෝපිත මනුෂ්‍යාත්මයේ ජීවිත මොහොත පිළිබඳ අවදිමත් ම කවියා
රෝහණ පොතුලියද්ද තම දෙවන කවි පොත සහෘදගත කරන්නෙ පළමු පොතෙන් එකළොස් වසරක ඇවෑමෙන්. තරමක් දීර්ඝ විරාමයක් වුව ද ඒ කාලය පුරා ඔහු ‘නිකන්’ සිට නැති බව කියන්නට ‘ඒක ඓන්ද්‍රීයජාලික ඉසව්වක්’ කවි හොඳට ම ප්‍රමාණවත්. විශේෂයෙන් ම අපේ පැවැත්මේ සාරය ප්‍රශ්න කරන කවියක් ලියන්නට ඔහු ඒ කාලය පුරා කාව්යකල්පනයක යෙදී ඇති බව මේ කවි හඬගා කියනව. ජීවිතය, ජීවිතය ලෙසින් ගෙවන්නට නොහැකි වීම තරම් ඛේදයක් මනුෂ්‍යයින් අරභයා තවත් තිබිය නොහැකියි. ජීවිතයට නෛසර්ගික ව සම්බන්ධ නොවන දේවල් ජීවිතයේ මහා හඹායාම් බවට උත්කර්ෂණය කර ඇති ලෝකය, පොතුලියද්දගේ කවිය රිදවනව (hurt the poem). එදා සිට…
Read Moreහමුදාව පැහැරගත් ප්‍රගීත්, අතුරුදන් කර අවුරුදු 12යි…!
ගිරිතලේ බුද්ධි කඳවුරේ නිළධාරීන් විසින් කොළඹ දී පැහැරගනු ලැබූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ, එම පැහැරගැනීමෙන් පසුව අතුරුදන්කර පසුගිය ජනවාරි 24 දාට වසර 12ක් සැපිරේ. 2010 ජනවාරි 24 දා රාත්‍රියේ කොළඹ රාජගිරිය සහ බත්තරමුල්ල ආසන්න ප්‍රදේශයක දී පැහැරගැනීමකට ලක්වූ ප්‍රගීත් එක්නැළිගොඩ ඉන්පසුව ගිරිතලේ බුද්ධි කඳවුරේ රඳවා සිට අක්කරෙයිපත්තුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇතිබව යහපාලන කාලයේ සක්‍රීය වූ සීඅයිඩී පරීක්ෂණවලින් සොයාගෙන ඇත. යහපාලන කාලයේ මේ පිළිබඳව සීඅයිඩී පරීක්ෂණ ශානි අබේසේකර හිටපු පොලිස් අධිකාරී යටතේ සිදුවූ අතර එවකදී පරීක්ෂණවලට අදාළ නිසි සහාය යුද්ධ හමුදාව නොදීම නිසා ප්‍රගීත් එක්නැළිගොඩට සිදුවූවේ කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකිවිය. ප්‍රගීත්…
Read More