අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සහ එය කාර්යක්ෂම ලෙස නියාමනය කිරීමේ අරමුණින්, ක්ෂේත්රයේ විශේෂඥයින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. එම කමිටුවට අදාළ අමාත්‍යවරුන්, ක්ෂේත්රයේ විශේෂඥයින්, රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළත් වේ.
2019 වර්ෂයේ ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියාත්මක කරමින්, 2026 වර්ෂයේදී 1 ශ්‍රේණිය සඳහා එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.
එමෙන්ම, 6 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ 2027 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් වේ.
මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවීම හරහා අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ නවීන අවශ්‍යතාට ගැළපෙන ප්‍රතිසංස්කරණ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරයි.