පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

The police have no right to attack people Lakshan Dias

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන විශේෂ ස්තූතියක් කල යුතුය.

දැන් මේ පනත අපේ රටේ නීතියේ කොටසකි.

නීතිය පාලක පංතියේ ආයුධයක් බව මාක්ස්වාදී නිර්වචනයයී. ඕනෑම ආණ්ඩුවක් නීතිය තම වාසියට භාවිතා කරන බව එහි අදහසයි සහ මර්ධනයටද නීතිය භාවිත කරන බව කාල් මාක්ස් ගේ න්‍යායයි.

කෙසේ වෙතත් නුතන ලෝකයේ එය එසේ විය යුතු නැති බවට සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හා නීතියේ ආධිපත්‍ය භාවිතා කිරීම තුලින් පුරවැසි ක්‍රියාකාරීත්වය තුලින්ද ලඟා කර ගත හැකි බව මගේ මතයයි.

එයට පුරවැසියන් වන අප වඩා ක්‍රියාකාරී විය යුතුය. කිසිම නීතියක් අපිට බන්දේසියක තබා ලබා නොදේ. එය අප අයිතිකර ගත යුතුය.

මේ 2021 අංක 14 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය ( සංශෝධන ) පනත වැදගත් වන්නේ ඒ නිසාය .

මේ පනත බැලු බැල්මට පැහැදිලි නැත. මහෙස්ත්‍රාත් වරයකුට පොලීසියට යා යුතුය කියා කියන අලුත් නීතියක් පමනි. එයද අවම වශයෙන් මාසයකට 1 වරක් වත් කියා පැහැදිලිවම කියා ඇත.

සංශෝධනය වන්නේ 43 වගන්තියයි නව වගන්තීය 43 ආ වශයෙන් එකතු කර ඇත.

ඔබේ පවුලේ කෙනා හෝ ඥාතීයා හෝ මිතුර හෝ පොලීසියට අල්ලාගෙන ගියොත් ඔබට නිතැතින්ම ඇතිවන්නේ බයකි ඒ පොලීසිය පහර දේවීදැයි සැකයයි. මේ සැකය නිසාම අල්ලාගෙන ගිය හෝ බාර වුන තැනැත්තාද පවුලේ අයද පසුවන්නේ බියකිනි. මේ බියට අවශ්‍යවන ඕනෑතරම් සාක්ෂී පොලීසියේ පසුගිය කාලයේ ක්‍රියාකාරීත්වය නිසා සමාජය දනී. කන්ද කැටිය ප්‍රදේශයේ අවුරුදු 17 ක ලමයකු මරාදැමීම ගැන පොලීසියේ 6 දෙනකු වරද කරු කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය පොලීසියට දඩ ගසා මානව හිමිකම් කැඩුවා යයී තීන්දුවක් දුන්න්නේය. ඔවුන් පස් දෙනෙකු මහාධිකරණය පෝරකයට යැව්වේය. පොලීසියේ වැරදී කරන අයට කලකම් පලදීම සිදුවන බවත්, තමන්ගේ රැකීයා නැතීවන බවත්, පවුල් පිටින් ඔවුන් අසරණ වන බව මේ නඩු තීන්දු හරහා අධිකරණය මහ ජනතාවට බලපොරොත්තුවක් ලබාදී ඇත.

වැඩේ කෙරෙන හැටි නොහොත් පටිපාටිය

මහෙස්ත්‍රාත් තුමාට පොලීසියට යා යුතුයි කියල තියෙන්නේ ඒ කියන්නේ එක නීතියේම පටිපාටියමය වගකීමක් කල යුතුම දෙයක්, එතකොට මහෙස්ත්‍රාත් තුමා එහෙම ගියාම සටහන් තබ නවා තාමගේ නීරීක්ෂණයන් සටහන් කරනවා ඒ වගේම එතුමා යම් සැක කරුවකු ගැන අධිකරණ වෛද්‍ය වරයාට පරීක්ෂා කරන්න කියලා කිව්වෝත් ඒක අධිකරණමය නියෝගයක්, එතකොට අධිකරණ වෛද්‍යවරයාත් අධිකරණ නියෝගයෙන් බැඳෙනවා, නොකර හැරියොත් අධිකරණයට අපහාස කලා වෙනවා. කලින් නම් බොහෝ විට පොලීසියම තමයි අධිකරණ වෛද්‍යවරයාට රැගෙන යන්නේ දැන් උසාවියම ඒකට නියෝග දෙනවා.

පොලිස්පතිටත් දෙන්නේ අධිකරණ නියෝගයක් පොලිස්පති එක කරන්න පරක්කු කරනවා නම් ඒ වැඩේ කරවා ගන්න පොලිස්පතිට විරුද්ධව රීට් නඩුවක් දාන්න පුලුවන්.

කෙනෙක් අහන්න පුලුවන් මහෙස්ත්‍රාත්වරුන්ට වැඩ නැද්ද පහරදීම් කරන හැම විටම පොලීසි යන්න කියලා. ඒක තමයි එක් එක් අධිකරණයේ නීතිඥ ශාඛාවන් හරහා පුලුවන් එහෙම පහරදීමක් වෙනවා නම් මහෙස්ත්‍රාත්තුමාට දැනුම් දීල මහෙස්ත්‍රාත් තුමාගේ මැදීහත්වීම කරන්න කටයුතු කිරීමට.

ඒක නීතියෙන්ම මහෙස්ත්‍රාත් තුමාලට පටිපාටිමය වශයෙන් බලය දීල තියනවා කල යුතුම දෙයක් හැටියට.

ඉංග්‍රීසි පිටපතේ තියන්නවා Ensure කියන වචනය ඒ කියන්නේ මහෙස්ත්‍රත් තුමාට වගකීමක් දීල තියනවා මේ නීතීය හරහා පොලීසිය තුල පහරදීම් නවත්වන්න එතැනදී මාසෙකට එක වරක් නෙමේයි 30 ස් වරක් වුනත් පොලීසියට යන්න පුලුවන් නීතිය අනුවම. එතැනදී තමයී ප්‍රාදේශීය නීතිඥ ශාඛා වැදගත් වෙන්නේ එතැනදී නීතිඥ ශඛවේ සභාපති වගේ කෙනෙක් හරහා මහෙස්ත්‍රාත් තුමාට දැනුම් දෙන්න ක්‍රමයක් සකස ගන්න පුලුවන්. ඒක වැදගත්.

පොලිස් පහරදීම් නවත්වන එක මහේස්ත්‍රාත්තුමගේ වගකීමක්. එතැනදී මහෙස්ත්‍රාත් තුමා පුද්ගලිකව බලන්න ඕනා, එම තැනැත්තගේ යහ පැවැත්ම තියනවද කියලා. සුබසාධනය හා එතැන තියන වාතාවරණය, සැකකරුගේ ප්‍රකාශ, සහ මහෙස්ත්‍රාත් නිරීක්ෂණ, අධිකරණ වෛද්‍යවරයකු නැත්නම අවම වශයෙන් රජයේ වෛද්‍යවරයකුටවත් නියෝග කරනවා වාර්ථාවක් අධිකරණයට එවන්න කියලා. එම අත්ඩංගුවේ ඉන්න තැන වෙනස් කරන්න හා අවශ්‍යනම් වෛද්‍ය ප්‍රතිකාර දෙන්න කියලා. කන්දේකැටියේ වෛද්‍ය වරයා ඒ අවුරුදු 17ක ලමයව පරීක්ෂා කලා නම් ඒ ලමයා මැරෙන්නේ නැ.

අවසානයේ එම පොලිස්පති වාර්ථාව නීතිපති අවධානයට යවනවා එම පොලිස් නිලධාරීන්ට නඩු දාන්න. 1994 අංක 22 දරන කෲර හා අවමන් සහගත සැලකීම් වලට එරෙහි පනත යටතේ පොලිස් නිලධාරීන්ට නඩු දාන්න එතකොට පොලීස් නිලධාරීන්ට අවුරුදු 7 දක්වා සීර දඬුවම් ලැබෙන්න පුලුවන්, ඒ තරම් භයානකයී. විශාල දඩයකුත් එක්ක.

මේක අපරාධ මැඩලීමට බාධාවක් නෙමෙයි. මොකද ගහන්නේ නැතුව අවශ්‍ය තොරතුරු ගන්න පොලීසීය හොඳට පුහුණු වෙලා ඉන්නේ. පුරවැසියා තමයි තාම හිතන්නේ පොලීසියෙන් ගැහුවෝත් විතරයි තොරතුරු දෙන්නේ කියලා. එතන තමයි අනෙක් හදන්න ඔනා තැන, පුරවැසියත් හිතන හැටි වෙනස් කර ගන්න ඕනා.

සතියකට පමණ පෙර පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී මරා දැමු තැනැත්තකුට ඔහු වෙනුවෙන් ඔහුගේ පවුලේ යට මිලියනයක් වන්දි ලබාදී ඇත එම පොලිස් නිලධාරීන්ට මිනීමැරීමේ චෝදනා ගැන දැන් නඩු අහයි, මේව ලංකාවේ නීතීයේ සුභ ලකුනු වන අතර පුරවැසියා මේ ගැන වඩාත් දැනුවත් විය යුතුය.

පොලීසිය ගැහුවොත් අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දාන්න ඔබට උදව්වට ඕන තරම අය ඇත, වහාම රෝහල් ගත වන්න හෝ රෝහලට දාන්න කියා දැන් අලුත් නීතීය අනුව ඔබව බලන්න එන මහේස්ත්‍රාත්වරයාට කියන්න, කෑගහල කියන්න පොලීසිය දෙවනත් වන්න කෑ ගහන්න මොකද එතකොට මහේස්ත්‍රාත්වරයා ඔබ කෑගහනව ඇහිලා ඔබ ගැන හොයා බලයි.

මහේස්ත්‍රාත්වරයා ඔබ ගැන පරීක්ෂණයක් කරන්න කියනවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් ගන්නවා, ඔබව බේරගන්නවා.

මෙහිදී 1994 වදහිංසා පනත යටතේ වන් වැරදී සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් කල යුතුයී, අධිකරණ වෛද්‍යවාර්තාවක් කැඳවීය යුතුයි, පරීක්ෂණයක් කරන්න කියා පොලිස්පතිට නොයෝග කල යුතුයි, මේවා මහෙස්ත්‍රාත්තුමා කල යුතුමය. එසේ නොකොලොත් මහෙස්ත්ත්‍රාත් තුමාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරන්න පුලුවන් , මේක බරපතල නීතියක් වඩා වගකීමක් සහ සම්මජයෙන් හිංසාව තුරන් කරන්න පුලුවන් නීතියක්.

පොලීසියේදීම මහේස්ත්‍රාත් තුමා ඔබෙන් ප්‍රකශයක් සටහන් කර ගන්නවා

හැකිනම් මේවා වලක් වන්න පුරවැසි මානව හිමිකම් සංවිධානයක් වශයෙන් සංවිධානය වන්න

මේක අලුත් නීතිය ඒ හින්දා පරණ කාලේ උනේ නෑ කියල දැන් නොකර ඉන්න එපා. පොලීසිය සමහර විට කියයි මහෙස්ත්‍රාත් වරයාට කිව්වොත් තව ගහනවා කියල එහෙම වෙන්නේ නෑ. මහෙස්ත්‍රාත්වරයට කිව්වොත් ඔහු ඒකට වහාම පියවර ගන්නව විතරක් නෙමේයි, ඔබව රෝහල් ගත කරනවා. පොලීසිය ඔබව මහෙස්ත්‍රාත් වරයා එනවිට හංඟන්න බලයි එතකොට කුඩුවේ ඉන්න වෙන අයකුට කියන්න ඔබ ගැන මහෙස්ත්‍රාත් වරයාට කියන්න කියලා.

දැන් මේ නීතීය අපි හදා ගන්න ඕනා මේ විදියටයි.

  1. පොලීසියට ඔබ සමඟ යන්න ඔබව හොයා බලන්න නීතීඥවරුනට අවසර තියනවා. පොලීසිය නීතිඥවරුන්ට ආචරශීලිව සලකන්න ඕනා කියල පොලීසියම හා ශේෂ්ඨාධිකරණය දැඩිව කියල තියනවා එත්කොට ඔබ ගැන තොරතුරු පොලීසියට ඔබේ නීතිඥ වරයාට දෙන්න වෙනවා.
  2. ඒත් එක්කම ඔබේ ගෙදර අයට හා ඔබේ නීතීඥවරයාට පුලුවන් මහෙස්ත්‍රාත් වරයාට ඔබට පොලීසිය තුල කරන පහරදීම ගැන තොරතුරු දෙන්න. එවැනි තොරතුරක් නීතිඥවරුන් ලිඛිතව, දුරකථන මාර්ගයෙන් හා වෙන්නත් මාර්ග වලින් දුන්නම හා පැමිණිලි කලාම මහෙස්ත්‍රාත් වරයා නීතියෙන්ම බැඳිලා ඉන්නවා ඔබව බලන්න එන්න හෝ ඔබ ගැන වාර්ථාවක් වහාම කැඳවන්න එතකොට පොලිසිය ඔබට ගහල නම් ඔවුන්ට රස්සාව නැති වෙනවා හිරේ යන්න වෙනවා වන්දි ගෙවන්න වෙනවා. පොලීසියට ලේසී වෙන්නේ නැ.

තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා මානව හිමිකම් කොමිසමේ හොට් ලයින් එකට කෝල් කරන්නත් පුලුවන් ඔවුනුත් පොලීසියට කෝල් කරල ඔබ ගැන අහනවා, එතැනදීත් නීතීඥවරයගේ සහය ගන්න.

දැන් ඔබේ පවුලෙ අයට කියන්න ඔබ ගැන සෝදිසියෙන් ඉන්න කියලා නීතිඥවරයා පොලීසියට අවිල්ල ගියාම, මානව හිම්කම් කොමිසමට කිව්වම හා මහෙස්ත්‍රාත් වරයාටත් කිව්වම පොලීසිය කොහොමටවත් ඔබට ගහන්න්නේ නෑ. මොකද ඔවුන් දන්නවා ප්‍රශ්නේ දුර දීග ගිහින් කියලා. ඔබට ගහන්න එන්න කොටම ඔබ ගහන්න එන පොලීස් නිලධාරීයට කියන්න මට ගහන්න එපා ඔබට විරුද්ධව මානව හිමිකම් නඩුවක් යනාවා කෝටියක් වන්දි ඉල්ලනව දැන්නටමත් මගේ නීතීඥවරයා පොලීසියට එන ගමන් හා එයා මහෙස්ත්‍රාත් තුමටා දන්වල තියෙන්නේ කියලා.

එතකොට මේ නව නීතිය නිසා පොලීසිය ගහන්න ගත්ත අත ආපස්සට ගන්නවා.

මේක කිසිම විදියකටවත් සර්ථක වන්නේ නැ, ඔබ ක්‍රියාත්මක උනේ නැත්නම්. ඔබ වහාම ගෙදර අය යාලුවෝ ලවා ක්‍රියාත්මක වන්න පොලීසියේ අයට දැනුවත් කරන්න ගැහුවෝත් වැඩ වරදින බව.

මේ වීදියට පොලීසිය නීතියෙන් බය කරල තමයි පොලීසියේ කරන වධ හිංසා නවත්වන්න පුලුවන්. ඔබ කොයිතරම් බරපතල වරදක් කරත්, මිනී මැරුවත් ඔබට ගහන්න පොලීසියට බැ.

ගහන්න බැ මයි!!!!

පොලීසියෙන් ඔබට ගැහුවෝත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි.

මට කථාකරන්න ඕනැම දෙයක් අහන්න

Lakshan Dias The police have no right to attack people

-නීතීඥ ලක්ෂාන් ඩයස්-

Social Sharing

Related posts