සංචාරක ව්‍යාපාරය දේශපාලනීකරණය වෙලා – Chauffeur Tourist Guide Lecturers සංවිධානය

Travel bubble ව්‍යාපෘතිය ආරම්භයේදීම රජය සංචාරකයින් අතරින් රෝගීන් බලාපොරොත්තුව සිටි බවත් ඒ නිසා ඒ වෙනුවෙන් කටයුතු සුදානම් කර තිබු බවද Chauffeur Tourist Guide Lecturers සංවිධානයේ උප සභාපති පවසයි.

මේ සම්බන්ධව පහුගිය 31 වෙනිදා සංචාරක අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තොරතුරු සාකච්ඡා කෙරුණු බවද ඔහු කියා සිටියි.

කොවිඩ් වැලඳුනු පළමු සංචාරක මඟ පෙන්වන්නාත් ම සංගමයේ සාමාජිකයෙකු බවත් විසිතුන් ලක්ෂයක සංචාරකයින් පැමිණිමේදී පාලනය කර ගැනිමේ හැකියාව තිබුණා නම් මේ කුඩා පුමාණයක සංචාරකයින් පැමිණිමේදී අඩුපාඩු සිදුවීම ගැන තම සංවිධානය කණගාටු වන බවද හෙතෙම පවසයි.

එමෙන්ම මෙය දැන් දේශපාලනීකරණය වෙමින් පවතින බවද ඔහු අවදාරණය කර සිටියි.

සංචාරක ව්‍යාපාරයෙන් ලක්ෂ ගාණක පිරිසක් යැපෙන බවත් මෙයින් ජාතික ආදායමට විශාල මුදලක් ලැබෙන නිසාත් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරිමේදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට දැඩිව මුල් තැනක් ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියි.

නමුත් යුක්රේන සංචාරකයින් ගෙන්විමේදී සිදු නොවුන දේද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපැදිම බවත් ඒ නිසා මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරන බව ඔහු පවසයි.

සංචාරකයා කියා විශේෂත්වයක් නොමැති බවත් ලාංකිකයා මෙන් ඔවුන්ද මුව ආවරණ පැළදිය යුතුව ඇතැයිද උප සභාපතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම සංචාරකයින් සමඟ වෘත්තිය සිදු කරන මෙරට පුද්ගලයින් නිරෝධායනය විය යුතු ආකාරය පිලිබඳ තවමත් නිසි සැලැස්මක් සැලසුම් වී නැති බවද හෙතෙම කියා සිටියි.

Chauffeur Tourist Guide Lecturers සභාපති හිරන්ත පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු කඩා වැටී තිබු සංචාරක ක්ෂේත්‍රය කොවිඩ් වසංගතය නිසා තවත් කඩා වැටීමකට ලක් වු බවත් මේ නිසා මුල්‍යමය වශයෙන් තම සාමාජිකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවය.

ඔවුන්ගේ වාහන වලට ලිසිං වාරික ගෙවීමට නොහැකි වී ඇතැයිද රජයෙන් මේ සඳහා සහන ඉල්ලුවත් මේ සඳහා ප්‍රතාපාදන ලබා දිය නොහැකි බව බව දැන් වු බවත් ඔහු පවසයි.

රජය මේ අවස්ථාවේ සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීම වෙනුවෙන් යම් යම් කටයුතු සිදු කරන්න උත්සහ කරන බව පෙනී යන බවත් එය සතුටට කරුණක් බවත් හෙතෙම කියා සිටියි.

Social Sharing
නවතම