PCR කමිටුව පට්ටපල් බොරුවක්! – සමන් රත්නප්‍රිය

කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගිය බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොළුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. රත්නපුර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකි. එමෙන්ම වැඩ බලන විදුලි සෝපානකරුවෙකි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇති බව සමන් රත්නප්‍රිය මහතා කියයි.

මිය ගිය අවස්ථාවේ කොවිඩ් 19 පරීක්ෂාව සිදු කළ විට එය පොසිටිව් වී ඇති බවත්, නමුත් මොහු වැටි මොළයේ ලේ ගැලිමක් සිදුව ඇති බවත් වාර්තා වෙන බවද ඒ මහතා කියා සිටියි.

කොවිඩ් 19 වෛරසය මර්දනයට රජය ගන්නා උත්සහය අවම මට්ටමක පවතින බවත් අද අවන විට රෝහල් පොකුරු බිහි වෙමින් පවතින අතර කොළඹ ජාතික රෝහල, මහනුර රෝහල, කේතුමතී රෝහල, ගම්පහ ඇතැම් රෝහල් ඒ අතර වන බවද ඔහු පවසයි.

ආසන්නතම රෝහල් පොකුරක් වාර්තා වූයේ රත්නපුර රෝහලේ බවත් මේ වන විට එහි වාට්ටු තුනක් වසා දමා ඇතැයිද හෙතෙම කියා සිටියි.

සෞඛ්‍ය සේවයේ අය මෙලෙස කොවිඩ් ආසාදිතයින් බවට පත් වීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය, රජය මෙතෙක් ඊට විසඳුමක් ලබා දී නැති බව කියා සිටින ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රවාහන පහසුකම් නතර කර ඇති බවත් , කොවිඩ් 19 රෝහල් වල ලබා දෙමින් තිබු ආහාර පානද නතර කර ඇති බවත්, නිරෝධායන ඇඳිරි නීතිය දැම්මද රාජකාරියට වාර්තා කළ යුතු බවත්ය.

සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ PCR කමිටුව පට්ටපල් බොරුවක් බවය. රෝහල් සේවකයෙකු කොවිඩ් පොසිටිව් වූ විට ඒ අදාල කාර්ය මණ්ඩලයේ අයටවත් PCR  පරික්ෂණයක් සිදු නොකරන බවත් මේ PCR කමිටුවෙන් කරන්නේ අඩු PCR ප්‍රමාණයක් සිදු කර රටේ අනාරක්ෂිත තත්ත්වයක් නැහැ කියා මෙය වසාගෙන යන්න උත්සහ කරන බවය.

Social Sharing
නවතම