මුස්ලිම් සිරුරු පිළිස්සීමට එරෙහි විරෝධයට විපක්ෂයත් එක්වෙයි!

කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීමට එරෙහිව දින කීපයක් තිස්සේ වීදී බැස සිටින ජනතාවට අලුතින්ම එක්ව සිටින සමගි ජන බලවේගයේත්, පාර්ලිමේන්තු විපක්ෂයේත්  නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 23 බදාදා උදෑසන පැවැති විරෝධතාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලාද එක්ව තිබේ.

ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන සිටින බවට චෝදනා කළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එහිදී සදහන් කළේ  ඒ හරහා සමස්ත ජනවර්ගයාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නීති රෙගුලාසි මෙන්ම අපක්ෂපාතී කමිටු නිර්දේශ පවා ආණ්ඩුව නොතකා හරින බවට චෝදනා කළ විපක්ෂ නායකයා  කොරෝනාබාධිත සිරුරු ආදාහනය කිරීම එක් ජාතියක හෝ ආගමක ප්‍රශ්නයක් නොවන බවද එහිදී සදහන් කළේය.

ආණ්ඩුව බෞද්ධයන්ට පාංශුකූලයත් අහිමි කර ඇති බවට චෝදනා කළ ඔහු තව දුරටත් සදහන් කළේ සිරුරු පුළුස්සා දැමීම  රටේ  සියලු පුරවැසියන්ම බලපා ඇති බවයි.

බෞද්ධයකු මියගිය විට මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා අවසන් ගෞරව දැක්වීමට තිබු අවස්ථාව පවා අද වනවිට ආණ්ඩුවේ නොපනත්කම් නිසා අහිමිවී ගොස් ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ  ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල මෛත්‍රී භාවනාවෙහි භාවිතාව පවා ආණ්ඩුව නොතකා හැර ඇති බවයි.

විරෝධතාව සදහා එක්ව සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කළේ කොරෝනාබාධිත පුද්ගලයන්ට ආණ්ඩුව අපරාධකරුවන් සේ සලකන බවයි.

“අපරාධකාරයන් හැටියට ඔවුන් මියැදුනාම ඔවුන්ගේ ඥාති මිත්‍රයන්ට බලන්න දෙන්නේ නැ. ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට බලන්න දෙන්නේ නෑ. ඔවුන්ගේ අවසාන ආගමික කටයුතු කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ සියලු දේවල් වලට පටහැනිව අපරාධකාරයන් හැටියට අරගෙන ගිහිල්ලා ඔවුන් ආදාහනය කරනවා, ” යි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Protest against burning of Muslim bodies

Protest against burning of Muslim bodies

Protest against burning of Muslim bodies

Protest against burning of Muslim bodies

Social Sharing
නවතම