වංගු නිසා විනාශ වුණ යෝෂිත… – මහේෂ් හපුගොඩ


යෝෂිත ඇතුළට අරගෙන. නාවික හමුදාවට යද්දී තිබ්බ සුදුසුකම් එක්ක වංගු ගැහීමක් නිසා තමයි අරන් තියෙන්නේ.

දැන් මේකට සාධාරණීකරණ තර්කය වෙන්නේ ඔව් එහෙම ගියා තමයි. ඒ සේනාධිනායක හැටියට මහින්ද මහත්තයාගේ පුතෙක් හමුදාවට යන එක හමුදාවේ ධෛර්යය වඩවන්න වගේම හමුදාවට යන්න ඉන්න තරුණයෝ ධෛර්ය සම්පන්න කරන්න ගත්ත තීරණයක් කියන එක සහ විලියම් කුමාරය පවා එහෙම හමුදාවට බැඳුණ කියන එක. ඒ කියන්නේ මහින්ද දුන්නේ උදාහරණයක් කියන එක.

හරි අපි එහෙම ම ගමු!

හැබැයි යෝෂිත කළේ කලා විෂයන් නම් නාවික හමුදාවට යන්න ඕනි මැත්ස් සයන්ස් දෙකෙන් එකක් නම් එතන තියනවා නේද සමාජයට උදාහරණයට ගන්න බැරි කෑල්ලකුත්…

මට මතකයි අපේ කාලේ උස අඟල් බාගයක් අඩුවෙලත් හමුදාවට යන්න බැරුව අපේ එවුන් අඬපු හැටි. සමහර වෙලාවට නේවි එයාෆෝස් වගේ නෙවෙයි පාබල හමුදාවේ කැඩෙට් යන්නත් බැරුව. අපේ කොල්ලන්ගේ සිහින තිබ්බේ එහෙම.

හැබැයි මහින්ද මහත්තයා මෙහෙම කලානම් මම එකඟයි. ඒ තමයි තමන්ගේ කොල්ලට තිබ්බේ ආට් සබ්ජෙක්ට් නම් ඌට යන්න පුළුවන් පාබල හමුදාවට නම් ඒ යන්න පුළුවන් එකට යන්න දෙන එක. විශේෂයක් නොකරන එක. සාමාන්‍ය කොල්ලෙකුට යන්න තියන පාරේ යන්න අරින එක.

දියතලාවේ ගිහිල්ල උදේ සීතලේ නැගිටලා ඩ්‍රිල් සාජන්ලගේ කුහුහරප ටික අහල සීනියර් එවුන්ට සැලියුට් ගහල පාජාල වෙලා ඇත්තටම හොඳ සෙබලෙක් වෙන්න තිබ්බ යෝෂිතට. එහෙම උනානම් ඇත්තටම සෙබලෙක් වගේම ඇත්තම යෝෂිත කෙනෙක් බිහිවෙන්න තිබ්බ.

දෙමව්පිය වංගු නිසා බිහිවුණේ හැමදාම ටයි කෝට් දාගෙන එෆ්සීඅයිඩී එකේ රස්තියාදු වෙන කොල්ලෙක්.

අනික් දෙමව්පියන්ටත් මේවා පාඩම්!

Social Sharing
අවකාශය පුවත්