වසර 21ට පෙර ඝාතනය වී මෙතෙක් යුක්තිය ඉටු නොවූ දමිළ මාධ්‍යවේදීයකු සිහි කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල සැමරුම්!

 

මීට වසර 21කට පෙර අගනගරයේදී පැහැරගෙන ගොස් අධි ආරක්ෂක කලාපයක් තුල ඝාතනය කර මේතාක් යුක්තිය ඉටුවී නැති ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදියකුගේ විසි එක් වැනි ගුණානුස්මරණය උතුරු හා නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක දීම සිදු කර ඇති බවට වාර්තා වේ.

2005 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ දී අප්‍රේල් 28වන දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් සිවරාම්ය යන දමිළ මාධ්‍යවේදියා සිහිපත් කරමින් මේ අයුරින් ගුණානුස්මරණයන් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කර තිබූණි.

යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය හා මඩකලපුව මාධ්‍ය සමාජය විසින් ද මෙම ගුණානුස්මරණයන් සංවිධාරන කර තිබූ අතර තවද අප්‍රේල් 28 වැනිදා ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වීීමට නැගෙනහිර මාධ්‍යවේදී සංගමය හා මඩකළපුව මාධ්‍ය සමාජය කටයුතු කර තිබුණි.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැර ගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසින් වන අතර ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවූරේ අධි ආරක්ෂක කලාපයේ දී ය. ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.

ඝාතනයට ලක්වන විට සුප්‍රකට ටැමිල් නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය. 1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්’, ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබිණි.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ. ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

උපුටා ගැනීම The Leader.lk

 

 

Social Sharing
නවතම පුවත්