මැරඩෝනා සමුගනී..!

ආජන්ටිනාවේ විසූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ක්‍රීඩකයෙකු වූ ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ හදිසි හෘර්ධභාදයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී මියගොස් ඇති බව ඔහුගේ නීතීඥවරයා විසින් සනාථ කර තිබේ. මැරඩෝනා මිය යන විට ඔහු 60 වැනි වියේ පසුවිය.

1986 වසරේ දී පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ආජන්ටිනා කණ්ඩායම මෙහෙය වූ මැරඩෝනා, ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන 4 ක් සඳහා තරග වදිමින් ගෝල 34 ක් රැස් කර තිබේ. සිය වෘත්තීය ජීවිතයේ දෙවැනි භාගයේදී කොකේන් ඇබ්බැහියෙන් පීඩා විඳි ඔහු, 1991 වසරේදී තහනම් උත්තේජක පරීක්ෂාව අසමත් වීම නිසා මාස 15 ක තරග තහනමකට පත් විය. පසුව ඔහු 1997 වසරේදී වෘත්තිමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේ ඔහුගේ 37 වැනි උපන් දිනය දවසේය.

2008 වසරේ සිට ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩාවේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, 2010 ලෝක කුසලානයේදී ජර්මනිය විසින් අර්ධ අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව පරාජය කිරීමෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

පසුව එක්සත් අරාබි එමීර් සහ මෙක්සිකෝවේ පාපන්දු කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නියැළුණු ඔහු, මිය යන විට ආර්ජන්ටිනාවේ ඉහළ පෙළේ ජිම්නාසියමක ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.

ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මැරඩෝනා වෙනුවෙන් දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ‘‘ඔබ අපව ලෝකයේ ඉහළටම ගෙන ගියා. ඔබ අපව මහත් සේ ප්‍රීතියට පත් කළා. ඔබ සියලු දෙනා අතරින් ශ්‍රේෂ්ඨයායි‘‘ යැයි ද ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් පැවසීය.

මේ අතර, තවත් ලොක පාපන්දු ශුරයෙක වන බ්‍රසීල ජාතික ප්ලේ ට්විටර් පණිවුඩයක් තබමින්.. ‘‘කොතරම් දුක්බර පුවතක්ද? මට ශ්‍රේෂ්ඨ මිත්‍රෙයක් අහිමි වුණා. ලෝකයට විශිෂ්ටයෙක් අහිමි වුණා. බොහෝ දේවල් කිව යුතුයි. නමුත් දැනට,.. දෙවියන් වහන්සේ ඔහුගේ පවුලේ උදවියට ශක්තිය දෙත්වා. එක දවසක.. අපිට අහසේදී හමු වී එකට පාපන්දු සෙල්ලම් කරන්නට පුළුවන් වේවි..යැයි පවසා තිබුනි.

රවීන්ද්‍ර කාරියවසම් මැඩෝනා ගැන සිය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුනි,

හයිකු කවියෙකු මෙසේ ලීවෙිය…

ගිම්හාන ගංගාවක් තරණය කිරීම කෙතරම් සතුටුදායකද? සෙරෙප්පු අතින් ගෙන! සඳෙහි ආලෝකය බටහිර දෙසට ගමන් කරත් මල් සෙවනැලි නැගෙනහිර දෙසට ගමන් කරයි . සද එළියවර්ණය හා සුවඳ දුරින් පෙනේ. බටහිර දෙසට ගමන් කරන සදෙහි ආලොකය නොවන්න…..

විශිෂ්ඨ ක්‍රිඩකයානෙණි ඔබට සුභ ගමන්…

 

 

Social Sharing
නවතම විදෙස්