වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බද්දේගම පොලිස් කොස්තාපල් ඝාතකයාට මරණ දඬුවම!

බද්දේගම පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) දින මහාධිකරණය විසින් එක් විත්තිකරුවකුට මරණ දඬුවම නියම කළ අතර, වසර 18ක් පුරා පැවති නඩු විභාගයක් එමගින් අවසන් කරන ලදී.

ඒ අනුව මෙම ඝාතනයේ සැකකරුවෙකු වන “කළුතර චූටි” ලෙසද හැඳින්වෙන මෙරෙන්චි කන්කානම්ගේ පසද් මනෝරංජන් වන අයව මෙම ඝාතනයේ සිව්වැනි විත්තිකරුට මෙලෙස මරණ දඬුවම නියම කරන ලද අතර ඉතිරි විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලදී.

අධිකරණ කටයුතුවලින් හෙළිවූයේ මෙම සිදුවීම 2008 නොවැම්බර් 30 වන දින හෝ ඊට ආසන්න දිනකදී බද්දේගම කමින්ගල ප්‍රදේශයේ වැටලීමක යෙදී සිටියදී සිදු වූ බවත් එහි දී බද්දේගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු වන දිලිප් කුමාරසිංහ (15615) රාජකාරියේ යෙදී සිටියදී වෙඩි තබා ඝාතනය විණි.

Social Sharing
නවතම පුවත්