
ඇමෙරිකාවේ ලුවිසියානා ජනපදයේ ශ්රේව්පෝට් නමැති නගරයේ සිදුවුණු බිහිසුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ ෂමාර් එල්කින්ස් නැමැති පුද්ගලයෙක් වන අතර ඔහු මියගිය දරුවන් 8 දෙනාගෙන් දරුවන් 7 දෙනකුගේ පියා බව ද වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් 10 දෙනෙකු තුවාල වී ඇති අතර ඔවුන් සියලු දෙනා වැඩිහිටියන් බවට වාර්තා වේ. එමෙන්ම මියගොස් ඇත්තේ අවුරුදු 1ත් 14ත් අතර වයස්වල දරුවන් වේ.
වෙඩි තැබීමෙන් පසු ෂමාර් එල්කින්ස්, තුවක්කුව පෙන්වා මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් පැහැරගෙන පොලිසියෙන් බේරී පලා යන්න වූ බවත්, පොලිසිය ඔහු පසුපස ලුහුබැඳ කළ වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්වුණු බවත් පසුව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.
