අස්වැසුම ගන්නවා කියන්නේ නීත්‍යනුකූලව හිඟාකනවා වගේ වැඩක් – ඇමති හදුන්නෙත්ති

අස්වැසුම වැනි සහන ලැබීම පිළිබඳව සමාජයක් වශයෙන් ලැජ්ජාවට පත් විය යුතු බවත් මෙම සහනාධාරය ලබා ගැනීම “නීත්‍යානුකූලව හිඟා කනවා වැනි ක්‍රියාවක්” බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩසටහන හරහා සිදුවන්නේ රජයේ මුදල් එනම් පොදු මුදල් ලබා ගැනීමක් වන බැවින්, අත්‍යවශ්‍යම නොවන අය මෙයට ඇබ්බැහි වීම රටකට අහිතකර බවයි.

තම ආණ්ඩුව සෑම දිනකම අස්වැසුම බෙදීමට පැමිණ නැති බවට පැවසූ අමාත්‍යවරයා, අස්වැසුම ලබා ගැනීම පුරුද්දක් බවට පත් වූ විට, එය ජනතාව තුළ යැපෙන මානසිකත්වයක් ඇති කරන බව එහිදී අවධාරණය කළා.

මෙරට අස්වැසුම සහනාධාර ලබාදීම අවසන් වූ දිනට තමන්ට සතුටු විය හැකි බවට පෙන්වාදුන් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, එලෙස සිදු වුවත් එය බලෙන් නැති කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

රටක් හෝ පුද්ගලයෙක් ලෙස සාර්ථක වීමට නම්, ප්‍රථමයෙන් මෙම සහනාධාර මත යැපෙන මානසිකත්වයෙන් මිදිය යුතු බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

එමෙන්ම ‘අස්වැසුම’ ක්‍රියාත්මක කිරීමේදී මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ ක්‍රමය පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කළා.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා :

“මම කියන්නේ අස්වැසුම ලැබෙනවයි කියන එක ගැන සමාජය ලැජ්ජ වෙන්න ඕනේ. ඒක නීත්‍යානුකූලව හිඟා කනවා වගේ වැඩක්. කාගෙ හරි ආණ්ඩුවේ සල්ලි අපි ගන්නවා. නැතී බැරිම නම් ගන්න එක හරිනේ. හැබැයි මේක ගන්න එක පුරුරුද්දක් බවට පත් වුණාම, සමහර හිඟන්නුත් ඉන්නවනේ එහෙම තුවාලෙ සනීප කරගන්න කැමැති නැහැ. සනීප වුණත් තුවාලෙ බැන්ඩේජ් එකක් ඔතාගෙන පාරේ ඉන්නවා. මුලින්ම අපි ගොඩයන්න නම් මේ යැපෙන මානසිකත්වයෙන් අයින් වෙන්න ඕනෙ.

www.news19.lk

https://www.instagram.com/reel/DQrSqdBFRra/

 

 

 

 

Social Sharing
නවතම පුවත්