
LGBTIQ ප්‍රජාව සම්බන්ධ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා අවසර ලබා දෙන බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
දේශහිතෛයිශී ජාතික ව්‍යාපාරයේ ආචාර්ය ගුනදාස අමරසේකර සහ දොස්තර වසන්ත බණ්ඩාර යන අය මෙහි පෙත්සම්කරුවන් අතර නීතිපති, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, SLTDA සභාපති බුද්ධික හේවාවසම් සහ Equal Ground හි විධායක අධ්‍යක්ෂ යන මහත්වරු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
LGBTIQ ප්‍රජාව සම්බන්ධ සංචාරක ව්‍යාපාරයට අදාළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා “විරෝධතාවක් නැත” තත්ත්වය ලබා දෙමින් SLTDA සභාපතිවරයා Equal Ground නැමති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාට ලිපියක් යවා ඇති බවට පෙත්සමෙන් චෝදනා කෙරේ. මෙය සභාපතිවරයාගේ අධිකාරිය අනිසි ලෙස ක්‍රියාත්මක කිරීමක් බව පෙත්සම්කරුවන් තර්ක කරති.
මෙම ලිපිය හෙළිදරව් වීමෙන් පසුව බෞද්ධ භික්ෂූන් සහ කතෝලික පූජකවරුන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන්, ශ්‍රී ලංකාව තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කිසිදු අදහසක් රජයට නොමැති බව අගමැතිනි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට පැවසූ බව පෙත්සමේ සඳහන් වේ. විදේශ අමාත්‍ය විජිත හේරත් ද එවැනිම ප්‍රකාශයක් කළ බව ද එහි සඳහන් වේ.
මේ ලිපිය නිකුත් කිරීමේදී, SLTDA සභාපතිවරයා ඒකපාර්ශ්විකව ප්‍රකාශිත රජයේ ප්‍රතිපත්තියට පටහැනිව ක්‍රියා කළ බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කළ බවත් පෙත්සමේ සඳහන් වේ.
එබැවින්, මෙම ලිපිය වහාම අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ LGBTIG සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් පනවන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී. එවැනි සංචාරක මුලපිරීම් සඳහා සහාය වීම සඳහා SLTDA සභාපතිවරයා තවදුරටත් පියවර ගැනීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද ඔවුන් ඉල්ලා සිටී.
