
වටවල තේ ඇඩ් එකක් එක්ක ආයිත් LGBTQ+ ප්‍රශ්නේ කතාබහට ලක්වෙලා. කතාබහ කිව්වට එක්තරා විදියකට LGBTQ+ ප්‍රජාව හෙලාදැකීමකට භාජනය වෙලා. ඒක ටිකක් හැමදාම තිබ්බ බෙදීමට වඩා තරමක් වෙනස් වගේ.
මම දැක්ක විශේෂම දේ තමයි මේ වෙලාවේ LGBTQ+ ප්‍රවර්ධනය වෙන්නේ NPP ආණ්ඩුව යටතේ වීම නිසා මීට කලින් අනන්‍යතා දේශපාලනයට පක්ෂව හිටපු කට්ටියත් ඒවාට හා හා රියැක්ට් දාන්න විතරක් නෙවෙයි ඊට එරෙහි කොමෙන්ට් දාන්න පෝස්ට් දාන්න පවා පටන් අරන්. වටවල ඇඩ් එකට කලින් ඉඳන් මේක සිද්දඋනා.
මේ අය ගොඩක් වෙලාවට යහපාලනේ එක්ක සහ රනිල් එක්ක හිටපු අය. ඉස්සර මේවට හාඩ්කෝ එරෙහිව ගියේ පොහොට්ටුවේ අය උනාට රනිල්ගේ කට්ටිය සහ යහපාලනේ ඇතැම් කට්ටිය එහෙම කරේ නැහැ. එයාල එක්කෝ සද්ද නැතුව හිටිය.
නමුත් රනිල් පොහොට්ටුවේ කට්ටිය එක්ක එකතුවෙලා ආණ්ඩු කරන්න පටන් ගත්තට පස්සේ සහ එයාලගේ ආශීර්වාදයෙන් ජනාධිපති උනාට පස්සේ අපි හැමෝම අදහස් අතින් විපරීත වෙන්න ගත්ත. ලංකාවේ දේශපාලනය පවා පැහැදිලි ලෙස විපරීත වෙන්න ගත්ත. ලංකාවේ අරගලයෙන් පස්සේ යම් හෝ ජනතාවාදී ආණ්ඩුවක් පත්වෙන එක සම්පුර්ණයෙන් නැවතුණේ මෙතන. මම හිතන්නේ මේක ගැන අපි තව කතාකරන්න ඕනි.
මේ අලුත් තත්වයට රනිල්වාදීන් ඒ වෙලාවේ කිව්වේ ආයේ ආපසු හැරිමක් නැහැ කියල. දැන්නම් එක ඇත්තම ඇත්ත වගේ පේනවා.
රනිල් එක්ක පොහොට්ටු මතවාදයට පියමැන්න අයට ආපසු යුරෝපීය මානුෂිකත්ව කතිකාවට එන්න බැහැ. මම හිතන්නේ ආයේ එහෙම එන්න කාටවත් ඕනිත් නැහැ.
මම ඒ යුරෝපීය උරුමය ඇතුලේ ඉන්නවා. හැබැයි ඉන් අදහස් වෙන්නේ නැහැ යුරෝපීය කතිකාව ඇතුලේ LGBTQ+ කතිකාවට පරස්පර මතවාදයක් නැහැ කියල.
