
පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වන අගහාරුවා දා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කරනු ලබන පනත් කෙටුම්පත 2025 ජුනි 03 වන දින පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයේ දී සම්මත විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, කාරක සභා අදියරේ දී යෝජනා කළ යුතු සුළු සංශෝධන කිහිපයක් හඳුනාගෙන ඇත.
ඊට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සංශෝධන 2025 ඔක්තෝබර් 21 දින කිසිදු විවාදයකින් තොරව කාරක සභා අවස්ථාවේ දී පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් අනතුරුව තුන්වැනි වර කියවා එදිනම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබේ.
