
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමේදී සභානායකවරයා සහ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් කළ බව පවසමින් දයාසිරි ජයසේකර ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.
එම ප්‍රශ්ණය ඉදිරිපත් කරමින් මේ තත්ත්වය මත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් ඒ පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම සිදුව ඇති බරපතළ කාරණය පිළිබඳව කථානායකතුමාගේ පැහැදිලි කිරීමක් මෙම සභාවට ලබාදෙන ලෙස දයාසිරි ජයසේකර මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්රශ්නය පහත,
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ වත්මන් අධ්යක්ෂ ජනරාල්වරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024.10.14 වැනි දින අයදුම්පත් කැඳවීමේ දැන්වීම නිකුත් කර ඇත. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරිපත් වී ඇති අයදුම්පත් අතරින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාගේ නම් තෝරාගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අපේක්ෂකයන් වෙත ලබා දී ඇති නිර්දේශ සලකා බැලීමේදී උතුරුමැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත කුමාර විමලසිරි ජිනදාස මහතා සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මියගේ නිර්දේශ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බැවින් ආණ්ඩුකාර තනතුර දේශපාලන පත්වීමක් හේතුවෙන් එම නිර්දේශ කිරීම දේශපාලන මැදිහත්වීමක් වන බව සලකා පස් දෙෙනක් මාධව තෙන්නකෝන් මහතා වෙනුවෙන් ද, හතර දෙනෙක් රංග දිසානායක මහතා වෙනුවෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඡන්දය ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු කාරක සභාව රැවටීමේ අදහසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බලවත් වරදක් වන අතර, එම වරද හිතාමතාම සභානායක බිමල් රත්නායක මහතා විසින් සිදු කර ඇති බවත් කථානායකවරයා ද එම වරදම සිදු කර ඇති බවත් දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති නිසා මෙම ප්රශ්නය වරප්‍රසාද කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි ද ඒ මහතා පවසා තිබේ.
