අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් පත් කිරී­මේදී පාර්ලි­මේන්තු වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වෙලා – දයා­සිරි ජය­සේ­කර

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමේදී සභානායකවරයා සහ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් කළ බව පවසමින් දයාසිරි ජයසේකර ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.

එම ප්‍රශ්ණය ඉදිරිපත් කරමින් මේ තත්ත්වය මත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් ඒ පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම සිදුව ඇති බරපතළ කාරණය පිළිබඳව කථානායකතුමාගේ පැහැදිලි කිරීමක් මෙම සභාවට ලබාදෙන ලෙස දයාසිරි ජයසේකර මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රී­ව­රයා ඉදිරිපත් කළ වර­ප්‍ර­සාද ප්‍රශ්න­ය පහත,

අල්ලස් හෝ දූෂණ කොමි­ෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා තෝරා ගැනීම සඳහා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024.10.14 වැනි දින අය­දු­ම්පත් කැඳ­වීමේ දැන්වීම නිකුත් කර ඇත. පසුව ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදි­රි­පත් වී ඇති අය­දු­ම්පත් අත­රින් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් මාධව තෙන්න­කෝන් මහතා සහ මහා­ධි­ක­රණ විනි­සුරු රංග දිසා­නා­යක මහ­තාගේ නම් තෝරා­ගෙන ඇත. ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අපේ­ක්ෂ­ක­යන් වෙත ලබා දී ඇති නිර්දේශ සලකා බැලී­මේදී උතු­රු­මැද පළාත් ආණ්ඩු­කාර හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු වසන්ත කුමාර විම­ල­සිරි ජින­දාස මහතා සහ සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මි­යගේ නිර්දේශ පිළි­බ­ඳව ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාවේ දීර්ඝ වශ­යෙන් සාකච්ඡා කර අල්ලස් හෝ දූෂණ කොමි­ෂන් සභාව ස්වාධීන ආය­ත­න­යක් වන බැවින් ආණ්ඩු­කාර තන­තුර දේශ­පා­ලන පත්වී­මක් හේතු­වෙන් එම නිර්දේශ කිරීම දේශ­පා­ලන මැදි­හ­ත්වී­මක් වන බව සලකා පස් දෙ‍ෙනක් මාධව තෙන්න­කෝන් මහතා වෙනු­වෙන් ද, හතර දෙනෙක් රංග දිසා­නා­යක මහතා වෙනු­වෙන් ද ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සභාව ඡන්දය ප්‍රකාශ කර ඇත.

පාර්ලි­මේන්තු බල­තල හා වර­ප්‍ර­සාද යටතේ පාර්ලි­මේන්තු කාරක සභාව රැව­ටීමේ අද­හ­සින් ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කිරීම බල­වත් වර­දක් වන අතර, එම වරද හිතා­ම­තාම සභා­නා­යක බිමල් රත්නා­යක මහතා විසින් සිදු කර ඇති බවත් කථා­නා­ය­ක­ව­රයා ද එම වර­දම සිදු කර ඇති බවත් දයා­සිරි මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කළේය. මේ හේතු­වෙන් සමස්ත පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ වර­ප්‍ර­සාද උල්ලං­ඝ­නය වී ඇති නිසා මෙම ප්‍රශ්නය වර­ප්‍ර­සාද කමි­ටුව වෙත ඉදි­රි­පත් කළ යුතු යැයි ද ඒ මහතා පවසා තිබේ.

 

 

Social Sharing
නවතම පුවත්