ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජනන, බෙදාහැරීම්, සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාලව සාමාගම් 4 කට ප්රතිව්යුහගතකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සමාගම් පනත යටතේ වෙන වෙනම සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. මෙම සමාගම් කොටස් වෙළඳපොළට විවෘත කරන බවක් ආණ්ඩුව මෙතෙක් නිවේදනය කර නොමැත.
නව වැඩ පිළිවෙල යටතේ විදුලිබල මණ්ඩලයේ දැනට සිටින විසිදෙදහසක් පමණ වූ සේවකයින් වෙත ඉහත සමාගම් 4 සදහා අනුයුක්ත වන ලෙස දන්වා යෝජනා ලිපි විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය විසින් මේ වන විටත් යොමු කර ඇති බව වාර්තා වේ. අදාල යෝජනා ලිපිය අනුව, ලබන ඔක්තෝබර් 27 වන දිනට ප්‍රථම යෝජනා කර ඇති ඉහත සමාගම් හතරෙන් එකකට සියළුම සේවකයින් අනුයුක්ත විය යුතු බවත්, ඊට අකමැති සේවකයින්ට වන්දි ලබා ගෙන ඉවත්ව යා හැකි බවත් දන්වා තිබේ.
අදාල මාස දෙක තුළ පිළිතුරු නොදෙන සේවකයින් යෝජනා කර ඇති සමාගමට අනිවාර්යෙන් අනුයුක්ත කෙරෙන අතර, ඊට අකමැති ස්වේච්ඡාවෙන් ඉවත්ව යාමට කැමති සේවකයින් සදහා රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ප්‍රධානය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.
