ජාති­වා­දය පිටු­දැ­කීම ආණ්ඩුවේ හොඳ වැඩක්- පා.ම ජනා­ධි­පති නීතිඥ නිසාම් කාරි­ය­ප්පර්

මෙරට දේශ­පා­ල­නය පිළි­බඳ අව­ධා­නය යොමු කර­න­වි­ටදී, ආණ්ඩු පක්ෂය,  විප­ක්ෂය ආදී  විවිධ භූමිකා ඔස්සේ කව­දත් දෙමළ, මුස්ලිම් ජාති­ක­යන් නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ මඟින් දෙන දාය­ක­ත්වය අති­වි­ශා­ලය. ඒ අනුව වත්මන් මුස්ලිම් කොංග්‍ර­සයේ ලේක­ම්ව­රයා ද වන විප­ක්ෂයේ කැපී පෙනෙන භූමි­කා­වක් නියෝ­ජ­නය කරනු ලබන, පාර්ලි­මේන්තු මන්ත්‍රී, ජනා­ධි­පති නීතිඥ නිසාම් කාරි­ය­ප්පර් මහතා සමඟ අපි කාලීන දේශ­පා­ලන කරුණු කිහි­ප­යක් ඇසු­රින් මෙරට ඉදි­රිය  පිළි­බඳ සාකච්ඡා කරමු.

ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙළ කොහො­මද දකින්නේ ?

“ඒක හරි අමාරු, පුළුල් පරා­ස­යක පැති­රෙන  ප්‍රශ්න­යක්. ඒකට උත්තර දෙන්න නම් මම ඒ  හැම පැත්තක්ම දැන­ගන්න ඕනෑනේ. මං ඒ කියන්නේ ආර්ථික, දේශ­පා­ලන ආදිය ගැනයි. ඒ පිළි­බඳ මට හසළ දැනු­මක් නැහැනේ. ඉතින් මම හරි­යට පිළි­තුරු දෙන්න බැරි දේ ගැන කව­දා­වත් කතා කරන්නේ නැහැ.”

ඒත් නීති­ඥ­ව­ර­යකු විදි­යට වත්මන් යුක්තිය පසි­ඳ­ලීම පිළි­බඳ ඔබේ මතය ගැන කිව හැකියි නේද?

“ඒක මෙහෙ­මයි. මට ඒ ගැන  ප්‍රශ්න තියෙ­නවා. හැබැයි, ආණ්ඩු­වට යුක්තිය පසි­ඳ­ලීම ගැන උන­න්දු­වක් තියෙ­නවා. ඒත්, එය ක්‍රියා­ත්මක වන ආකා­රය පිළි­බඳ අඩු­පා­ඩුත් බොහොම තිබෙ­නවා. ඒ කිවුවේ, මෙරට ඉකුත් සිදු­වීම් ගණ­නා­වක්ම ඊට ඇතු­ළත්. අධි­ක­ර­ණය තුළ­දීත්  වෙඩි තබා මනුෂ්‍ය ඝාත­න­යක් කළානේ. ඒ හැරෙ­න්නට හිටපු පොලි­ස්ප­ති­වත් පොලී­සි­යම සෑහෙන කාල­යක් තිස්සේ හෙව්වානේ, දැනුත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙනකු පම­ණක් නෙවෙයි, දේශ­පා­ල­න­ඥ­යන් කිහිප දෙන­කුත් දින ගණ­නා­වක් තිස්සේ හොය­න­වානේ. ඉතින්, මේ ඇත්ත­ටම සෙවී­මක් ද? නැති­නම්,  ‘ඩීල්’  එකක් ද කියන ප්‍රශ්න­යත් මෙතැ­නදී ඉස්මතු වෙනවා. හැබැයි, සාමාන්‍ය මිනි­හ­කුට ඒක එහෙම නැහැනේ. මම මේ කියන්නේ ඒ ඇල්ලූ හා අල්ලන්න හොයන අය හරි ද, වැරදි ද කියන එක නෙවෙයි, අත්අ­ඩං­ගු­වට ගැනීමේ ක්‍රියා­ව­ලිය ගැනයි.

පාස්කු ප්‍රහා­රය, අබි­ර­හස් අන්ද­මින් අධි­ක­ර­ණ­යේදී වෙඩි තබා මෑත­කදී  කළ ඝාත­නය ආදි­යට අදා­ළව  කට­යුතු කෙරෙන්නේ නැත්තේ ඇයි කියන ගැට­ලු­වත් මට තියෙ­නවා. මෙතැ­නදී  අපිට පෙනෙන දෙයක් තමයි, යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලිය අතින් ආණ්ඩුව පැත්තෙන් ලොකු ගැටලු තියෙ­නවා කියන එක. දැන් ඉන්න පොලි­ස්පති වුණත් පාසල් දරු­ව­කුට දඬු­වම් දුන්නු එක ගැනත් වෙන­මම කතා­වක් පව­ත්ව­නවා අපි දැක්කා. ඉතින් මෙතැන අවු­ලක් තියෙ­නවා.”

අන්ත­ර්ජා­තික වශ­යෙන් මානව හිමි­කම් පිළි­බඳ මහ­කො­ම­සා­රිස් වාර්තා­වෙන් පවා මෙරට ගැටලු රැසක් පෙන්වා දී තිබෙ­නවා. අතු­රු­දන් දෙමළ ජන­තා­වගේ ප්‍රශ්නය, පාස්කු ප්‍රහා­රය, නීති­පති ගැනත් එහි සඳ­හන් වෙනවා. ඒත්, මෙරට ස්වාධීන අධි­ක­රණ පද්ධ­ති­යක් සහ නීති­යක් තිබෙ­නවා. හැබැයි,  නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදී බර­ප­තළ ගැටලු දක්නට තිබෙ­නවා.”

 සම­හරු වංචා – දූෂ­ණ­ව­ලට හවුල් දේශ­පා­ල­න­ඥ­යන්ට දඬු­වම් දීම දේශ­පා­ලන දඩ­ය­මක් විදි­යට හඳු­න්ව­නවා?

“මං එතැන නැහැ. දේශ­පා­ලන දඩ­යම කියන වච­නය ඒකට පාවිච්චි කරන්න මං කැමැති නැහැ. හැබැයි, රජය බලය ඉල්ලන විටත් කියා­ගෙන ආවේ දේශ­පා­ලන බලය අතැ­තිව කළ අප­රා­ධ­ව­ලට එරෙ­හිව අධි­ක­ර­ණයේ නඩු පව­ර­නවා  කිය­ලනේ. ඉතින් ඒ ක්‍රියා­ව­ලි­යේදී දැන් බලයේ සිටින ඇමැ­ති­ව­ර­ය­කුට එරෙ­හි­වත් අධි­චෝ­දනා ගොනු කිරී­මට නිය­මිත බවක් වාර්තා වෙනවා. ඒක හොඳයි. හැබැයි, එවැනි පුද්ග­ල­ය­කු­වත් අමාත්‍ය මණ්ඩ­ලයේ තබා­ගෙන ආණ්ඩුව කර­ගෙන යනවා ද කියන ප්‍රශ්න­යයි මෙතැ­නදී ලොකුම කරුණ වෙන්නේ. ඊට අදාළ ඇමැ­ති­ව­රයා කැබි­නට් සාමා­ජි­ක­යකු නම් අධි­ක­ර­ණය ඉදි­රියේ නඩු කට­යුතු විභාග කෙරෙද්දී සාක්ෂි­ක­රු­වන්ට බල­පෑ­ම­කින් තොරව කට­යුතු කිරී­මට ඉඩ­කඩ ලැබේ­දැයි කියන ප්‍රශ්නය මතු වෙනවා. පොලී­සි­ය­ටත් ස්වාධී­නව සාක්ෂි මෙහෙ­ය­වන්න පුළු­වන් ද කියන කරු­ණත් කැපී පෙනෙ­නවා.”

 මුස්ලිම් ජන­තා­වගේ දිගු­කා­ලීන ගැටලු විස­ඳිලා ද?

“ජාති­වා­දය පද­නම් කර­ගෙන, එහෙ­මත් නැති­නම් සිංහල, බෞද්ධ, දේශ­ප්‍රේමී  කියන වච­න­යට මුවා වෙලා, ඉකුත් කාල­යේදී කට­යුතු  කෙරුණා.  මේ ආණ්ඩුව යටතේ මැති­ව­රණ පැවැ­ත්වී­මේදී එය එසේ නොවීම ගැන අපිට ලොකු සතු­ටක් තියෙ­නවා. ඒත්, එහෙම කියූ පම­ණින්ම මේ ආණ්ඩුව මුස්ලිම් ජාතීන්ගේ ගැටලු විස­ඳී­මට කට­යුතු කර තිබේය කියා කිව නොහැ­කියි. නැඟෙ­න­හිර පළා­තට අය-වැයෙන් ආණ්ඩුව මුදල් වෙන් කළේ නැහැනේ. ඒකට හේතු විදි­යට කිවුවේ ඉන්දි­යානු රජ­යෙන් දෙන ආධාර ලැබෙන නිසා එය එහෙම කරන බවයි.

ඒ අනුව මං ඒ පිළි­බඳ පැහැ­දිලි කර­න්නැයි  ආණ්ඩු­වෙන් ප්‍රශ්න කළ විටදී දැන­ගැ­නී­මට ලැබුණේ වර්ෂ 2023 වස­රේදී පමණ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජන­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ  සම­යේදී නිල­ධා­රීන් හා එව­කට සිටි ආණ්ඩු­කා­ර­ව­රයා පම­ණක් එක්ව අත්සන්  කළ ගිවි­සු­මක් ගැනයි ඒ අය කිවුවේ.

ඒත් ඒක අය-වැය විම­ධ්‍ය­ගත ලේඛ­න­යෙන් අපට ලැබෙන දෙය­කුත් නෙවෙයි. අනෙක ඒ එකම ව්‍යාපෘ­ති­ය­ක්වත් දැන් ක්‍රියා­ත්මක තත්ත්ව­යේත් නෑ. ඒක එහෙම තිබි­යදී 2024, 2025දී මේ අය – වැය හර­හාත් නැඟෙ­න­හිර ජන­තා­වට මුකුත් ලැබු­ණේත් නැහැ. ඒක හරි අසා­ධා­ර­ණයි. මුස්ලිම් ජන­තාව තුළ පල­ස්තීන ජන­තාව සම්බ­න්ධ­යෙන් ආණ්ඩුවේ  ස්ථාව­රය පිළි­බ­ඳත්  එත­රම් සතු­ටක් නෑ. එසේම, උතුරු නැඟෙ­න­හිර මුස්ලිම් ජන­තා­වට දේශ­පා­ලන වශ­යෙන් ඇති බලය ගැන කිය­නවා නම් ඒ ඒ  පළාත් සභා නියෝ­ජ­න­යට ජනතා කැමැත්ත තෝරා ගැනී­මට ආණ්ඩුවේ මැදි­හ­ත්වී­මෙන්  මැති­ව­රණ පැවැ­ත්විය යුතුයි. ඒත් තව­මත් එහි ලකුණු පෙනෙ­න්නට නැහැ. මේ වසරේ පැවැ­ත්වෙන බවක් අස­න්න­ටත් නැහැ. මේ අනුව ආණ්ඩුව මුස්ලිම් ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳන්න එත­රම් උන­න්දු­වක් නොද­ක්වන බවයි කියන්න තියෙන්නේ. අනෙක, මේ කැබි­නට් මණ්ඩ­ලයේ මුස්ලිම් ජන­තා­වගේ ප්‍රශ්න ගැන කතා කරන්න මුස්ලිම් නියෝ­ජ­න­ය­කුත් නැහැනේ. හැබැයි, මුස්ලිම් ජන­තාව රජය බල­යට එන්න ඡන්දය දුන්නා. ඒත් ඒ ගැන­වත් කෘත­වේ­දී­ත්ව­යක් ආණ්ඩුවේ නැහැනේ. ඒ අනුව සම­ස්ත­යක් විදි­යට ගත් විටදී අපේ ගැන බල­නවා මදි.

 ගොවි­තැ­නට පහ­සු­කම් ලැබී තිබෙ­නවා ද?

“විශේ­ෂ­යෙන් නැඟෙ­න­හිර මුස්ලිම් ජන­තා­ව­ගෙන් බහු­ත­රය ගොවි­යන්. මේ රජය පම­ණක් නෙවෙයි, ඕනෑම රජ­යක් කිවුවේ,  ගොවි­යන් රජුන්ය කිය­ලනේ. ඒත් ඒ ප්‍රශ්නය නැඟෙ­න­හි­රට පොදුවේ ඇති එකක්. ඉතින් පොදුවේ ජාති­භේ­ද­ය­කින් තොරව  ගොවීන්ට පොදු ගැටලු තියෙ­නවා. සේනා­නා­යක සමු­ද්‍රය ආදී තැන් බොහො­ම­යක ප්‍රති­සං­ස්ක­රණ  ඉක්ම­නින් කළ යුතු තත්ත්වයේ තියෙ­නවා. ඒ ව්‍යාපෘති සඳහා  විය­දම් අධික වුණත් තවත් කල් නොයවා ආණ්ඩු­වෙන් ඒ වැඩ කෙරෙන්න ඕනෑ.”

නීතිය යාව­ත්කා­ලීන විය යුතු තැන් ඔබ දකි­නවා ද?

යුක්තිය පසි­ඳ­ලීමේ ක්‍රියා­ව­ලි­යේදී නීතිය යාව­ත්කා­ලීන වීම අති­නුත් සකස් විය යුතු තැන් තිබෙ­නවා. ඒත් අනෙක් අතට නීතිය හද­මින් ඒ අඩු­පාඩු සකස් කිරීම පස්සේම යන­වාට වඩා පව­තින නීති ක්‍රියා­ත්මක කර­ගෙන, පව­තින ගැටලු නිරා­ක­ර­ණය කර ගැනීම මේ මොහොතේ කෙටි­කා­ලී­නව වැද­ගත් වෙනවා. අනෙක, මෙරට ස්වාධීන අධි­ක­රණ පද්ධ­ති­යක් තිබෙ­නවා. ආණ්ඩුව ස්වාධීන අධි­ක­රණ පද්ධ­ති­යට මැදි­හත් නොවීමේ තත්ත්ව­යක් පෙනෙ­න්නට තිබී­මත් සතු­ටක්. ඒත් මේ ආණ්ඩුව යටතේ  සැමට සාධා­ර­ණව නීතිය ක්‍රියා­ත්මක කෙරෙ­නවා ද කියන එකයි ගැට­ලුව.”

 උතුරු, නැඟෙ­න­හිර ඉඩම් අයි­තිය ගැනත් කතා­බ­හක් තිබෙ­නවා?

“ඉකුත් කාල­යේදී මුල­තිව් ඉඩම් ප්‍රශ්නය ගැන අපි කතා කළාට පස්සේ ආණ්ඩුව ඒක ඉල්ලා අස්කර ගත්තා. ඒ වගේම මේ රජය පැමි­ණී­මෙන් අලු­තින් ඉඩම් ප්‍රශ්න­යක් ඇති වී ඇතැයි පෙනෙ­න්න­ටත් නැහැ. ඒත් මුස්ලිම් ජන­තා­වගේ පාර­ම්ප­රික ඉඩම් ප්‍රශ්නය ගැන මේ රජය අනි­වා­ර්ය­යෙන්ම බලන්න ඕනෑ. එතැන හඳුනා ගත් ප්‍රශ්න හුඟක් වෙනවා. විශේ­ෂ­යෙන් මුස්ලිම් ජන­තා­වට රජ­යෙන් දී ඇති ඉඩම් ප්‍රති­ශ­තය ඉතා අඩුයි. රජය මෙයට වඩා ඉඩම්  දිය යුතුයි. අපි­ටත් වඩා දෙමළ ජන­තා­වට ඉඩම් ප්‍රශ්නය උග්‍ර බවත් මෙතැ­නදී  කියන්න ඕනෑ.

 හර්තා­ල­යක් ඉකුත්දා උතු­රේදී සුළු කාලයක් පම­ණක් පැව­තුණා නේද?

ඒක යුක්තිය පසි­ඳ­ලීමේ ප්‍රශ්න­යක්. හමු­දාවේ නිල­ධා­රීන්ගේ වැඩ­ක­ට­යුතු මුල් කර­ගෙ­නයි ඒ අය කරුණු මතු­ක­රලා තිබුණේ. ඉතින් හමු­දාවේ කඳ­වු­රක් ඉවත් කර­නවා කියලා ජන­තා­වට ඇවිත් එතැන අස්පස් කරලා,  යකඩ, සුන්බුන් ඉවත් කරන්න එන්න කිය­නවා. ඊටත් පස්සේ සම­හර විටදී ජන­තා­වට පහ­ර­දීම් ආදිය ගැනත් වාර්තා වෙනවා. ඒ කළ­යුතු වැඩ­ක­ට­යුතු නොකර නීතිය අතට ගෙන ආණ්ඩු  ක්‍රියා කළ පරණ විදිය.  ඒත්, ඒක වින­යා­නු­කූල කිරී­මට මේ රජය ක්‍රියා කරලා තියෙ­නවා මදි. අපේ කන­ගා­ටු­වට කරු­ණක් වෙලා තියෙන්නේ වත්මන් රජය මෙත­රම් ප්‍රබල ජන­ව­ර­මක් ඇතිව සිටි­යදී එය එසේ වීමයි. විශාල ප්‍රති­ශ­ත­යක් හිමි පාර්ලි­මේ­න්තු­වක් මේ අයට තියෙ­නවා. හමුදා හා ආර­ක්ෂක අංශ හරහා උතුරු, නැඟෙ­න­හිර  කට­යු­තු­ව­ලට ආණ්ඩුවේ මැදි­හ­ත්වීම අඩු­කම තමයි මෙයින් පෙනෙන්නේ. දෙමළ, මුස්ලිම් සිවිල් ජන­තාව සකේ­තා­ත්ම­කව ඒක­ටයි  ඉකුත්දා විරෝ­ධය පළ­කළේ. ස්වාධීන පරී­ක්ෂණ පැවැ­ත්වීම කෙරෙහි ආණ්ඩුව යොමු කර­වී­මයි එයින් ජන­තාව අපේක්ෂා කළේ.

 සංචා­රක ව්‍යාපා­රය උතුරු, නැඟෙ­න­හි­රට ආලෝ­ක­යක් ද?

සංචා­රක ව්‍යාපා­රය දියුණු වීම කියන්නේ මේ ආණ්ඩුවේ ප්‍රශං­සා­වට හේතු­වක් නම් නෙවෙයි. මේක ලස්සන, සෞන්ද­ර්ය­යෙන් පිරුණු රටක්. ඒත් පහු­ගිය කාලයේ විවිධ ප්‍රශ්න නිසා විදේශ සංචා­ර­ක­යන් ආවේ නැහැ. ඒත් දැන් එනවා. ඉතින් දැන් ජන­ව­ර­මක් එක්ක දේශ­පා­ලන ස්ථාව­ර­යක් ආණ්ඩුව දිනා ගත්තානේ. හැබැයි,  ඊශ්‍රා­යල් ජාති­ක­යන්ම  නැඟෙ­න­හිර ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට සංචා­ර­ක­යන් විදි­යට එනවා නම් ඒ පසු­ප­සින් එන්න පුළු­වන් ප්‍රශ්න ගැනත් ආණ්ඩුව විම­සි­ල්ලෙන් සිටීම වැද­ගත්.”

  දෙමළ භාෂිත කවිය සහ සාහිත්‍ය උන්න­තියේ වැද­ග­ත්කම ගැනත් සාහි­ත්‍ය­ක­රු­වකු විදි­යට යමක් කිව හැකිද?

දෙමළ සාහි­ත්‍ය­යට කිසිම අව­කා­ශ­යක් මෙරට රාජ්‍ය මාධ්‍ය­යේ­වත් නැහැනේ. ඒ සාහිත්‍ය පොත්පත් ගත් විටත් එය එසේ­මයි.  රජය ඒ ගැන අව­ධා­න­ය­ක්වත් යොමු කර නැහැ. මෙතැන ආකල්ප ගැනත් ප්‍රශ්න­යක් තියෙ­නවා. ඉන්දි­යානු කලාවේ විශි­ෂ්ට­ත්වය සහ ඊට ආක­ර්ෂ­ණය වී සිටි­යදී මෙරට සුළු දෙමළ ජන කොට්ඨා­ස­යට සාහි­ත්‍යය අතින් ඉදි­රි­යට එන්න නම් විශේ­ෂ­යෙන් රජයේ හා පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ අත­හිත ඒ කෙරෙහි යොමු කර­න්නම ඕනෑ. පොදුවේ කිය­නවා නම් තව­දු­ර­ටත් ඒ ගැන අව­ධා­නය යොමු කරන්න.”

 දිනමිණ | නුවන් මහේෂ් ජය­වි­ක්‍රම

 

Social Sharing
අවකාශය නවතම පුවත්