ජවිපෙ 2වැනි කැරලි සමය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල‘ කෘතිය අගෝස්තු 27 බදාදා පස්වරු 3ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී නිකුත් වේ.
මෙම ග්රන්ථයට පාදක වන්නේ මෙයට වසර 36කට පෙර එනම්, 1989 ජූලි 31 සිදුවූ ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිතව පැනනැඟුණු සත්‍ය සිදුවීම් මාලාව පාදක කරගෙන එක්රැස් කරගන්නා ලද ගවේශනාත්මක කරුණුය. පිටු 256කින් යුත් මෙම ග්රන්ථයට ඡායාරූප 168ක් ඇතුළත්ය. ජවිපෙ 2වැනි කැරැල්ලේදී 60,000ක් පමණ ඝාතනය වූ අතර ඉන් 17 දෙනෙකු ප්‍රේමකීර්ති ඇතුලු කලාකරුවන්ය. ධර්මන් වික්‍රමරත්නගේ ජවිපෙ 2වැනි කැරැල්ල ග්රන්ථ මාලාවේ සිව්වන කෘතිය වන මේ නව්‍ය නිර්මාණය ඔහුගේ 55වන ග්රන්ථයද වේ.

මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ මුලසුන නීතිඥ ජාලිය සමරසිංහ හොබවන අතර දෙසුම් පවත්වනුයේ ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති, ප්‍රවීණ ගීත විචාරක ධම්මික බණ්ඩාර සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් විසිනි. වැඩසටහන මෙහෙයවීම සිදුකරනු ලබන්නේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේය. ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව සැමට විවෘත අතර ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය වන්නේනම් 071-2733986 යන දුරකථනයෙන් විමසිය හැකිය.
වසර 1986 සිට 1990 දක්වා පැවති ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබදව ධර්මන් විසින් මෙයට පෙර ගින්නෙන් උපන් ගිණි පුපුරු, සටනින් සටන සහ කොම්රේඩ් ලයනල් යනුවෙන් ග්රන්ථ තුනක්ද නිකුත් කර ඇති අතර ඒවා විචාරක සහ පාඨක සම්භාවනාවට පත්වූ කෘති විය.
