ධීවර ප්‍රජාවට හදිසි අනතුරු රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දී ඇත. මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂිකාර්මික වගාවන් හා කෘෂි කර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර සඳහා විවිධ රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසන ආකාරයට ධීවර ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ මෙම රක්ෂණ යෝජනා ක්‍රමය කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය විසින් මඟින් හඳුන්වා දුන් නවතම රක්ෂණ යෝජනා ක්‍රමය බවයි.

ඒ අනුව මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින්, අයහපත් කාලගුණික හා දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අකර්මණ්‍ය වීම් වලදී රක්ෂණාවරන ලබාදීම සිදු කරනු ඇති අතර තවද, මෙම රක්ෂණාවරණය තුළින් ධීවර කටයුතු වලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණය හෝ වෙනත් අකර්මණ්‍යතාවන් සඳහා ද ප්‍රතිලාභ සැලසෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

රුපියල් 2000ක් වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්ෂ 12 ක මුදලක් වන්දියක් හිමි වන අතර මීට අමතරව පුර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන්හිදී වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමි වීම, එක් කකුලක් අහිමි වීම, පූර්ණ වශයෙන් කථනය අහිමි වීම වැනි තත්ත්වයන් හිදී ඉතා කඩිනමින් වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති අතර මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර රැකියාවේ නිරත අයට මහත් පිටුවහලක් වනු ඇතැයි සභාපති ජාසිං ආරච්චි මහතා සඳහන් කර ඇත්තේ.

Social Sharing
අවකාශය නවතම