ගිය වසරේ ළමා අපයෝජන පැමිණිලි දසදහස පනී – ළමා ආරක්‍ෂක අධිකාරිය

ඉකුත් වසර තුළ මෙරට ළමා අපයෝජන හා ඒ ආශ්‍රිත පැමිණිලි දසදහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ඉන් සියයට අටකට වැඩි ප්‍රමාණයක් ලිංගික අපයෝජන හා සම්බන්ධ බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කර ඇත.

සාක්‍ෂි හා දත්ත මත පදනම් වූ විසඳුම් සඳහා ඇති හදිසි අවශ්‍යතාව හඳුනාගනිමින් ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඬලීම සඳහා ශ්‍රී ලංකාව සිදුකර ඇති නව කැපවීම්වලට සහාය වීම අරමුණු කර ගනිමින් ඉකුත් 25දා සිට 27දා දක්වා යුරෝපීය සංගමය හා ශ්‍රී ලංකාව එක්ව ළමුන්ට එරෙහි හිංසනය මැඬපැවැත්වීම සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කොළඹදී පැවැත් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්‍ද්‍රය විසින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සමග එක්ව යුරෝපා සංගමයේ සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පවත්වන ලද මෙම සමුළුවේ අරමුණ වූයේ මෙරට දැවෙන ළමා අයිතිවාසිකම් ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය, ශාස්ත්‍රීය හා ආයතනික ක්‍රියාමාර්ග දිරිගැන්වීමයි.

කමල් බෝගොඩ – දිවයින

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිළිබඳව ඔබ දැනුවත් ද?

Social Sharing
නවතම පුවත්