මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25,000ක් සහ වී වගාව සදහා නොමිලේ රතු කුඩු පොහොර ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා දීමේ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනවාරි 8 වන දින පාර්ලිමේන්තු විවාදයේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා පොහොර සහනාධාරය ලබා දිය යුතු කාල වකවානුව 2024 ඔක්තෝබර් පළවෙනි සිට 2025 පෙබරවාරි පළමුවනදා දක්වායි. ඒ සදහා රුපියල් 25,000ක පොහොර සහනාධාරය රුපියල් 15,000ක වාරිකයක් සහ රුපියල් 10,000ක වාරිකයක් වශයෙන් අදියර දෙකකදී ලබා දීමට කටයුතු කරනවා. මේ වනවිට රුපියල් 15,000ක පළමු වාරිකය ලබා දීලා තිබෙනවා. ගොවීන්ගේ පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා සාධනීය සහ විධිමත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අප රජය කටයුතු කරනවා.”
ඒ සඳහා මේ වනවිට ගොවි සංවිධාන මගින් අදහස් ලබා ගනිමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය. කුඹුරු ඉඩම් වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25,239 දශම හතයි තුනක ප්‍රමාණයක් රජය විසින් නොමිලේ ලබාදීමට මේ වන විට සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.