තෛපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය,

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2025 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය ධාවන කාල සටහන

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය මෙන්ම සති අන්ත නිවාඩු හේතුවෙන් ඇති වන ගමනාගමන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ද කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද විශේෂ දුම්රිය ධාවන වැඩපිළිවෙලක් සංවිධානය කර ඇත.

එහි කාල සටහන පහත සඳහන් වේ.

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2025 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය ධාවන කාල සටහන

විශේෂ දුම්රිය අංක 01 – කොළඹ කොටුව සිට බදුල්ල දක්වා
කොළඹ කොටුවෙන් පිටත් වීම – රාත්‍රී 07.30 ට
ධාවනය කරනු ලබන දින – 2025 ජනවාරි 10,12,14,17,19,24,26,31
2025 පෙබරවාරි 02, 04

විශේෂ දුම්රිය අංක 02- බදුල්ල සිට කොළඹ කොටුව දක්වා
බදුල්ලෙන් පිටත් වීම – රාත්‍රී 07.40 ට
ධාවනය කරනු ලබන දින – 2025 ජනවාරි 10,12,14,17,19,24,26,31
2025 පෙබරවාරි 02, 04

විශේෂ නගරාන්තර දුම්රිය (4021 / 4022 ) – කොළඹ කොටුව සහ කන්කසන්තරේ අතර
කොළඹ කොටුවෙන් පිටත් වීම – අළුයම 05.30 ට
කන්කසන්තුරෙන් පිටත් වීම – දහවල් 01.50
ධාවනය කරනු ලබන දින – 2025 ජනවාරි 10, 13,14,15,17,20,24,27,31
2025.පෙබරවාරි 03,04

මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

Social Sharing
නවතම පුවත්