Transformers බස් සහ NPP හීනමානය – එරන්ද ගිනිගේ

npp party sri lanka

Transformers යනු අප කුඩා කල ආසාවෙන් නැරඹු කාර්ටුනයකි. පසුව එය චිත්‍රපටයට නැගිණි. එහි තිබෙන්නේ ලෝහමය ජීවීන්ගේ කතාවකි. ඔවුන් මෙලොව ජීවත් වන්නේ ඇමරිකාවේ පදින විශාල ට්‍රක් රථ ලෙස වෙස් වලාගෙනය. ලංකාවේ මොඩිෆයි කළ බස් රථ දකින විට මට ඒවා පෙනෙන්නේ ඇමරිකානු ට්‍රාන්ස්ෆොර්මර් සිහිනයේ ලෝකල් වර්ෂන් එකක් ලෙසටය.

යානවාහන සහ මිනිසා අතර දැඩි සම්බන්ධයක් තිබේ. ඉපැරණි අශ්ව කරත්තයේ සිට Apollo චන්ද්‍ර යානය දක්වා මිනිස් වර්ගයාගේ පරිණාම කතාවේ වාහන සඳහා විශේෂ තැනක් හිමි වේ. දඬු මොනරයේ සිට UFO දක්වා මිනිසාගේ පරිකල්පනය වාහන සමග අත්‍යන්තයෙන් බැඳී තිබේ. විද්‍යා ප්‍රබන්ධවල එන යානා විවිධාකාරය.

 npp party sri lanka

ලංකාවේ බස් සහ ත්‍රීවීල් මත සහ තුළ සවි කර ඇති විච්චූරණ ගැලවීම සඳහා මගී ආරක්ෂාව වැනි බයිලා හේතු ඉදිරිපත් කළත් එයට ප්‍රධාන හේතුව වන්නේ NPP අනුග්‍රාහකයන්ගේ හීනමානයයි. ඕස්ට්‍රේලියාවේ හෝ කැනඩාවේ හෝ ගොස් නූගත්කමට බස් එළවන මාලිමාවට සහාය දුන් හීනමාන තක්කඩියා කියන්නේ ලංකාවේ බස්වල කෑලි ගලවන ලෙසය. නමුත් ඔහු සිය පවුල සමග transformers චිත්‍රපටය බලා උද්දාමයට පත් වේ. නමුත් ලංකාවේ බස්කාරයා සහ ත්‍රීවීල් කාරයා ලබන්නේත් ඒ මෝඩයා එම චිත්‍රපටයෙන් සොයන ආස්වාදයම බව ඔහුට නොතේරේ. එකම වෙනස ලංකාවේ බස්කාරයාගේ ට්‍රාන්ස්ෆොර්මර් සහ ඇමරිකාවේ ට්‍රාන්ස්ෆොර්මර් අතර කලා-සංස්කෘතික වෙනස්කම් තිබීම පමණී.

 npp party sri lanka

ඇමරිකාවේ ලිමසීන් ඇතුළේ නියෝන් ලයිට් දාගෙන මහා සද්දෙන් සිංදු දාගෙන යන හැටි චිත්‍රපටයෙන් බලා හූල්ලන ලාංකික මධ්‍යම පාන්තික NPP කොල්ලාට හැමදාම උදේට හවසට රස්සාවට යන බස් එකේ ලයිට් සහ සද්දය ලැජ්ජාවකි. නමුත් ලංකාවේ බස්කාරයා දකින්නෙත් ඇමරිකානුවාගේ සිහිනයේම ලෝකල් වර්ෂන් එකක් බව ඔහුට හෝ ඇයට නොවැටහේ.

සති අන්තයේ සිය බේබදු සල්ලාලයන් සමග මුළු ගමටම ඇහෙන්න සිංදු දාගෙන ලයිට් ෂෝ දාගෙන මෝඩයන් සේ නටන කොළඹ ආයතනවල වැඩ කරන මධ්‍යම පාන්තික NPP මුග්ධයා උදේ අවදිව සිය කාරයෙන් වැඩට යන විට මහමග දකින, සද්දෙන් සිංදු දාන ලයිට් දාන බස් සහ ත්‍රීවීල්වලට සාප කරයි. ඔබට පේනවද මේ පරස්පරය?

පොදු ප්‍රවාහනය කිසියම් ඒකීය රූපයකට නතු කිරීමට මා විරුද්ධ නැත. එහෙනම් බස් නවත්වන හෝල්ට් පවා ඒකීය විය යුතුය. දෑකැත්ත සහ මිටිය දමා බස් හෝල්ට් හැදිය නොහැකිය. එක්කෝ සියලුම බස් හෝල්ට් එසේ හැදිය යුතුය. නමුත් Uber වලින් දුවන මගී ලෝකයේ ඒවා යල්පැනගිය සංකල්පය. ඊළඟ ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් දුන් පසු ඒ පළාත්වල දුවන පාට පාට බස් සහ කණ පලන දෙමළ සංගීතය දිගටම තිබෙනු ඇත.

මා කියන්නේ ඒ කුමක් වුවත් වාහන අරබයා මිනිසාගේ භාවිතය ඊට වඩා ප්‍රාථමික බවයි. ඕස්ට්‍රේලියාවේ එකාගේත් සිහිනය ට්‍රාන්ස්ෆොර්මරයක් එළවීමය. හාලි ඩේවිඩ්සන් එකක් පැදීමය. Fast and Furious එකේ පෙන්වන මොඩිෆයි කළ කාරයක් හයිවේ එකේ 220 ට පැදීමය. ලංකාවේ බස්කාරයා සහ මාලිමාවට ඡන්දය දුන් නූගත් ත්‍රීවීල් කොල්ලාගේත් සිහිනය එයයි. වෙනස වන්නේ ලංකාවේ එකා දැනටමත් එය අත්විඳීමයි.

ධර්මය ඔබට මග වේවා!

Social Sharing
අවකාශය නවතම