විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ඊයේ දිනයේදී යි.
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා.
ඒ අනුව විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අප්‍රේල් මස අවසන් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පනත් කෙටුම්පත මෙම සතිය තුළ ගැසට් කිරීමටත් නියමිත බවද එහි දැක්වෙනවා.