විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ

aithiya

මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ අතකොළු වශයෙන් ක්‍රියාත්මක වන සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් දියත් කරනු ලබන ව්‍යපාරයක් වන බවයි.

ජනාධිපතිවරයාගෙන් ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු, ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි මේ අවස්ථාවේ ඉල්ලා සිටින විට, එය සත්භාවයෙන් කරනු ලබන ඉල්ලීමක්ද නැද්ද යන්න සොයා බැලිය යුත්තේ, ඒ පුද්ගලයා එසේ ඉල්ලන්නේ ජනාධිපතිවරයාගෙන් ‘තාන්නමාන්න’ ලබාගත් නිසාද, එසේ නැත්නම්, එක දිගටම දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා ප්‍රතිපත්තියක් වශයෙන් එය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටියෙකු සහ පෙනී සිටින්නෙකු වශයෙන්ද යන්නයි.

මේ කියන කෙනා, ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි අද කියන්නේ, තමාට ජනාධිපතිවරයාගෙන් ‘තාන්නමාන්න’ ලැබුණු නිසා නම්, එම ඉල්ලීම ඔහු සත්භාවයෙන් කරන්නක් නොවේ යැයි කෙනෙකුට සාධාරණ පදනමක පිහිටා චෝදනා කළ හැකිය. එහෙත්, මේ චෝදනාව නඟන විපක්ෂ නායකවරයා ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටි කාලයේ පවා මේ කියන පුද්ගලයා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එක දිගටම පෙනී සිට ඇති බව ඉතිහාසය පිරික්සූ විට කෙනෙකුට පෙනී යන කාරණයකි. එය, අඩු වශයෙන්, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ කාලයේ පටන් ඔහු පෙනී සිටි කාරණයක් වී ඇති බව අපට නිරීක්ෂණය කළ හැකිය.

තවදුරටත් මේ කාරණය පරීක්ෂා කර බැලිය හැකි ක්‍රමයක් තිබේ. එනම්, මේ වෙනුවෙන් අදත් පෙනී සිටින සිවිල් ව්‍යාපාර මොන අවස්ථාවකදී හෝ තමන්ගේ ඒ ස්ථාවරය (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ස්ථාවරය) වෙනස් කරගෙන හෝ තනුක කරගෙන හෝ යටපත් කරගෙන හෝ තිබේද යන්නයි. ඊට දිය හැකි උත්තරය, ‘නැත’ යන්නයි. රාජපක්ෂලා සහ විධායක ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින වෙනත් දක්ෂිණාංශික දේශපාලන ව්‍යපාර සමග හැර, අනෙක් සියලු දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර සමග, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් එක දිගටම එකම වේදිකාවේ ‘පුරවැසි බලය’ වැනි සංවිධාන හඬ නඟා ඇත.

තමා දරන මතයට වෙනස් මතයක් දැරූ පමණින් එම කෙනා පිල්ලියක් හෝ අතකොළුවක් වශයෙන් හඳුන්වයි නම්, එයින් පෙනෙන්නේ, තමා දරන මතය තර්කානුකූලව ස්ඵුට කරගැනීමේ නොහැකියාව නිසා කෙනෙකු පත්වන අසරණ භාවයකි. එවැන්නෙකු බොහෝවිට බලන්නේ, තමාගේ මතය වෙනුවෙන් සාරගර්භව පෙනී සිටීමට වඩා අනෙකාගේ මතය ‘පිල්ලියකට’ ලඝු කිරීමටයි. එය, තර්කයකට වඩා කුතර්කයකි.

විධායක ජනාධිපති ක්‍රමය එක දිගට පවත්වාගැනීම වෙනුවෙන් මෙතෙක් කටයුතු කර ඇති කඳවුර පසුපස ඇති චින්තනයේ තුන් ආකාරයක් නිරීක්ෂණය කළ හැකිය. එනම්:

(1) මහ-ජාතිකවාදී වීම:

ජේ. ආර්. ජයවර්ධන මේ ක්‍රමය ඇති කළ දා පටන් මේ රටේ සියලු මහ-ජාතිකවාදී ව්‍යාපාර සිටියේ මේ ක්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, අද ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරන කෙනෙකු මීට කලකට ඉහතදී පෞද්ගලික සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක්, මේ කියන කාරණය ඉතා සරල ආකාරයෙන් තේරුම්ගැනීමට පහසුවක් විය හැකිය.

ඔහු එදා කීවේ මෙයයි: “මේ ජනාධිපති ක්‍රමය නැති කළොත්, මේ රටේ ඕනෑම හම්බයෙකුට, ඕනෑම දෙමළෙකුට මේ රටේ පළමු පුරවැසියා වෙන්න පුළුවන් හරිම ලේසියෙන්.’ මේ ජනාධිපති ක්‍රමයට පිටුබලය සපයන ජාතිකවාදී සාරය ඒ ප්‍රකාශයෙන් කැටිකොට දැක්වෙයි.

(2) දෘෂ්ටිවාදී වීම:

විධායක ජනාධිපති ක්‍රමය ඉතා කාර්යක්ෂම පාලන ක්‍රමයක් බවත්, බොහෝ දියුණු රටවල් එම ක්‍රමය අනුගමනය කරන බවත් මේ අය පෙන්වා දෙති. සාමූහිකය වෙනුවට තනි පුද්ගලයා අධිනිශ්චය කිරීමේ අභිප්‍රාය මෙහිදි දැකගත හැකිය. එක පැත්තකින්, අපගේ වැනි නොදියුණු රටවල් සංවර්ධනය කිරීමට නම් එවැනි බලවත් පුද්ගලයෙකුට බලය පැවරිය යුතු බව ඔවුන්ගේ මතයයි. වරක්, අස්ගිරියේ නායක හිමිනමක්, ගෝඨාභය රාජපක්ෂගෙන් ‘හිට්ලර්’ කෙනෙකු වී මේ රට ගොඩගන්නැයි ඉල්ලා සිටියේ එබැවිනි.

පාර්ලිමේන්තුව වැනි පුළුල් සාමූහිකයක් ගැන මෙවැනි අය තුළ විශ්වාසයක් නැත. මේ දෘෂ්ටිවාදයට අනුව, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යම් තරමකට හෝ හැකිළීමකින් තොරව, රටක් සංවර්ධනය කළ නොහැකිය යන මතයක් ඔවුන් තුළ තිබේ.

3. ඊළඟ වාරය තමන්ට එතැයි සිතන නිසා අහෝසියට විරුද්ධ වීම

ඇත්ත, වර්තමාන ජනාධිපතිවරයා මේ වන විට, ජනතාවගේ ඡන්ද අයිතිය කිහිප වරක්ම උදුරාගෙන ඇත. ඔහු පිළිබඳ විශ්වසනීයත්වය ඔහු විසින්ම හෑල්ලු කරගෙන තිබේ. අවසාන වරට, එවර අයවැයෙන් පවා වෙන් කරන ලද මුදල් ලබා නොදී සිටීම තුළින් පළාත් පාලන මැතිවරණය පවා නොපවත්වා සිටීමට තරම් ඔහු, ජනතාවගේ කැමැත්ත උරගා බැලීමේ මහා භීතියකින් පෙළෙන්නෙකු බව පෙන්වා දී තිබේ. ඉතිං, එවැනි පුද්ගලයෙකු විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමක් ගැන දැන් කතා කරන්නේ, වෙනත් රහස් අභිලාෂයක් මුල් කරගෙනද යන්න පිළිබඳ කෙනෙකු තුළ කුකුසක් ඇති වුණොත් එහි පුදුමයක් නැත.

එහෙත්, මේ සියලු සැකසාංකා සිහියේ තබාගෙන, මේ ප්‍රශ්නය ගැන සාධාරණ ආකාරයකින් බැලීමටත් කෙනෙකුට හැකියාව තිබේ. පහත සඳහන් යෝජනාව අප මතු කරන්නේ ඒ අර්ථයෙනි.

ඇත්ත, වර්තමාන ජනාධිපතිවරයා මේ වන විට, ජනතාවගේ ඡන්ද අයිතිය කිහිප වරක්ම උදුරාගෙන ඇත. ඔහු පිළිබඳ විශ්වසනීයත්වය ඔහු විසින්ම හෑල්ලු කරගෙන තිබේ. අවසාන වරට, එවර අයවැයෙන් පවා වෙන් කරන ලද මුදල් ලබා නොදී සිටීම තුළින් පළාත් පාලන මැතිවරණය පවා නොපවත්වා සිටීමට තරම් ඔහු, ජනතාවගේ කැමැත්ත උරගා බැලීමේ මහා භීතියකින් පෙළෙන්නෙකු බව පෙන්වා දී තිබේ. ඉතිං, එවැනි පුද්ගලයෙකු විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමක් ගැන දැන් කතා කරන්නේ, වෙනත් රහස් අභිලාෂයක් මුල් කරගෙනද යන්න පිළිබඳ කෙනෙකු තුළ කුකුසක් ඇති වුණොත් එහි පුදුමයක් නැත.

එහෙත්, මේ සියලු සැකසාංකා සිහියේ තබාගෙන, මේ ප්‍රශ්නය ගැන සාධාරණ ආකාරයකින් බැලීමටත් කෙනෙකුට හැකියාව තිබේ. පහත සඳහන් යෝජනාව අප මතු කරන්නේ ඒ අර්ථයෙනි.

ගාමිණී වියන්ගොඩ
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
[email protected]

Social Sharing
නවතම විශේෂාංග