හමාස් කොන්දේසි නෙතන්යාහු විසි කරයි…

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයේ යෝජිත සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත.

ඔහු සදහන් කර ඇත්තේ ගාසා තීරයේ “සම්පූර්ණ ජයග්‍රහණය” මාස කිහිපයකින් ලබා ගත හැකි බවයි.

ඔහු මේ බව සදහන් කරනුයේ සටන් විරාම යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවය.

හමාස් කණ්ඩායම සමඟ සාකච්ඡා වෙනුවෙන් “කිසිම තැනකට නොයන” බව පැවසූ නෙතන්යාහු ඔවුන්ගේ කොන්දේසි “විකාර” ලෙස බදාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විස්තර කළේය.

“සම්පූර්ණ හා අවසාන ජයග්‍රහණය හැර වෙනත් විසඳුමක් නැත,” යනුවෙන් ද ගාසා ගැටුම් පිළිබඳ සදහන් කරමින් නෙතන්යාහු පවසා තිබේ.

කෙසේ නමුත් ඊජිප්තු නිල මූලාශ්‍රයක් බීබීසීයට පවසා ඇත්තේ ඊජිප්තුව සහ කටාරය මැදිහත්ව ගසා සටන් විරාමයක් වෙනුවෙන් නව සාකච්ඡා වටයක් බ්‍රහස්පතින්දා කයිරෝහිදී පැවැත් වීමට අපේක්ෂා කරන බවයි.

Social Sharing
නවතම පුවත් විදෙස්