නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු අත්තඩංගුවට

නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේ රාමේෂ්වරන්හි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අරිචල්මුණේ වෙරළ තීරයේ අතරමං ව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනා එකම පවුලට අයත් වන අතර, කුඩා ළමුන් තිදෙනෙකු ද ඔවුන් අතර වන බව සඳහන් ය.

එම පිරිස මණ්ඩපන්හි පුනරුත්ථාපන කඳවුරක් වෙත රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලාංකිකයන් 294 දෙනෙකු නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති අතර, ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

Social Sharing
නවතම පුවත්