මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ හමුදාපති යූටියුබ් නාලිකාවකට නඩු පවරයි

අපහාසාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශයක් උපුටා දක්වමින් තුෂාර සාලිය රණවක මහතාට එරෙහිව ශ්‍රී ලංකා යුධ හමුදාපති විකුම් ලියනගේ නව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නීතිමය කටයුතු ආරම්භ කර තිබේ.

යුද අපරාධ සහ දූෂණ චෝදනා එල්ල කරමින් ලියනගේට මඩ ගැසීමේ වීඩියෝවක් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුවෙන් ගූගල් සහ යූ ටියුබ් ද ඉලක්ක කර ඇත.

විදේශගතව සිටින රණවක මහතා “Lanka UNews Official” යූ ටියුබ් නාලිකාව මෙහෙයවයි.

Social Sharing
පුවත්