රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා  – සංජීව විමලගුණරත්න

non governmental organizations in sri lanka

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා

රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා පහුගිය දිනක සහභාගි විය. ඒ සාකච්ඡාව ඇසුරෙන් සකස් වු ලිපියකි මේ.

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත ඉදිරිපත් වන්නේ 1980 දී. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණය සම්බන්ධයෙන් වන ලේකම් කාර්යාලය ඇතිවෙන්නේ 1999 දී ය. රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන වල දායකත්වය රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබාගැනීමයි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රධාන අරමුණක් ලෙස ගැනෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ පනත  අනුව රජයට අයත් නොවන ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රජා සංවර්ධන කටයුතු වල නියැලෙන සියළුම ආයතනය ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය. මෙම ආයතන රටේ ජනතාවගේ හෝ ජනකොටසකගේ ගැටළු ඉදිරිපත් කර දේශීය හෝ විදේශීය අරමුදල් භාවිතා කිරීම ඊට ප්‍රධාන හේතුවක් වේ. එම අරමුදල් පොදු අරමුදල් ලෙස සැලකේ. අදාල අරමුදල් හැසිරවීමේ දී යම් ආකාර වගකීමක්, වගවීමක් තිබිය යුතුවීම නිසා එම ආයතනයන් ලියාපදිංචිය අවශ්‍ය වී තිබේ. රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කාර්යාලය තුළ ලියාපදිංචි කිරීම හැරෙන්නට රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කළ හැකි නීති කිහිපයක්ම රට තුළ තිබේ. 2007 සමාගම් පනත, සමිති ආඥා පනතෙ, භාරකාර ආඥා පනත යටතේ වුවද එවැනි ආයතනයන් ලියාපදිංචි කිරීමේ හැකියාව තිබේ. එමෙන්ම පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික යෝජනාවක් යටතේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සකස් කරනු ලබන පනත් කෙටුම්පත් තුලින් සංස්ථාපනය කරනු ලබන ආයතන වශයෙන් ද රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කළ හැකිය.

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් පැහැදිලි ක්‍රියාවලියකි. අදාල ආයතන විසින් ලියාපදිංචිය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු ලියකියවිලි ප්‍රමාණයක් තිබේ. සම්පත් හා අරමුදල් නිවැරදිව පාලනය කිරීමට හැකි පිරිසක් එම සංවිධානය තුළ සිටී ද, ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීය ද, අයථා ගනු දෙනු පහසු කිරීම සඳහා සංවිධානයට සම්බන්ධ අය එකම පවුලේ අය, හිතවතුන් ද යන කරුණු ගැන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී වඩාත් අවධානය යොමු කරනු ලැබේ. ඒ සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවේ සංශෝධනයන් අවශ්‍ය නම් එම සංශෝධනයන් කිරීමට අවස්ථාව දෙනු ලැබේ. සියළුම ලියවිලි භාරදිමෙන් අනතුරුව සංවිධානයට සම්බන්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික විස්තර වාර්තාවක් ලැබේ. එම තොරතුරු ආරක්ෂක අමාත්‍යයංශයට යවා නිශ්කාශනයක් ලබාගනු ලබනවා. එම නිශ්කාශනයට යම් කාලයක් ගත වෙන බැවින් අදාල අනුමැතිය එනතුරු ආයතනයට ක්‍රියාත්මකවීමට රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් ආයතනයට ලිපියක් ලබාදෙනු ලැබේ. ලිපිය ලබාදීමේ අරමුණ වන්නේ සංවිධානය ලියාපදිංචි වීමට සුදුසු ආයතනයක් ලෙස පිළිගනු ලැබූ බව තහවුරු කිරීම ය. ඒ අනුව ඔවුන්ට බැංකු ගිණුම් විවෘත කිරීම වැනි ක්‍රියාමාර්ග වලට යා හැකිය. නමුත් ලියාපදිංචිය සම්පූර්ණ වන්නේ ආරක්ෂක අමාත්‍යයංශයේ නිශ්කාශන වාර්තාව ලැබීමෙන් අනතුරුව ය.

වෙනත් නීති යටතේ ලියාපදිංචි වෙන ආයතන රාජ්‍ය නොවන සංවිධානයන්හී ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බලයක් හෝ වගකීමක් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට නැත.

වෙනත් නීති යටතේ ලියාපදිංචි ආයතන හඳුනාගත් විට ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි වෙන ලෙසට එම සංවිධානයන් දැනුවත් කිරීමක් හා දිරිගැන්වීමක් සිදු කරනු ලැබේ. මේවන විට ලේකම් කාර්යාලය යටතේ රාජ්‍ය නොවන සංවිධාන 1809 ලියාපදිංචි වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ලියාපදිංචි වීම්1658 වී තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 328 තුළ මරණාධාර සමිති, සංවර්ධන සමිති, සුබ සාධක සමිති, ස්වේච්ඡාවෙන් සමාජ සේවා කරන සංවිධාන 39125 ක් සංවිධාන ලියාපදිංචි වී තිබේ. කුමන නීතියක් යටතේ ලියාපදිංචි වුවත් දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන කමිටු වලට සහභාගිවීමට ඕනෑම සංවිධානකට අවස්ථාව තිබේ. ඔවුන් ලේකම් කාර්යාලය නිල වශයෙන් ආරාධනය කරනු ලැබේ. නමුත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සේවාවන් ලබාදීමට හැකිවන්නේ අපි සමග ලියාපදිංචි වුනු සංවිධාන වලට පමණි.

සංවිධානයකට විදේශිකයෙක්ගේ සේවාව ලබාගැනීමේ  අවශ්‍ය වීසා නිර්දේශයක්, වැඩ බලපත්‍රයක් ලබාදෙනු ලබන්නේ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ආයතනයන්ට පමණි. ලංකාවේ සේවය කිරීමට සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීමට විදේශිකයෙකුට හැකිවන්නේ මෙම අවසරය ලිපිය ලබාගැනීමෙන් පසුවයි.ජාත්‍යයන්තර රාජ්‍ය නොවන සංවිධානයකට ලංකාවේ ශාඛාවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති එකම නීතිය තිබෙන්නේ ද රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලය සතුව පමණයි. ඔවුන්ට විදේශීය සම්පත්දායකයන්ගෙන්වීමට, ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ පැවැත්වීමට, බදු සහන සහිතව විදේශීය උපකරණ හා වෙනත් සම්පත් ගෙන්වීමට හැකියාව ඇත්තේත්, රජයෙන් ලැබෙන මන්ත්‍රී ප්‍රතිපාදන තුලින් අරමුදල්, සම්පත් ලබාගැනීමට හැකිවන්නේ ද ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි සංවිධානයන්ට පමණයි.

2022 රට තුළට රාජ්‍ය නොවන සංවිධාන සඳහා ලැබුණු අරමුදල් ඩොලර් බිලියන 16 කි. 2023 වසරේ දී බිලියන 33 දක්වා වර්ධන වී තිබේ. මුදල ගණනය වන්නේ ලේකම් කාර්යාලයට වාර්තා වන සංවිධාන සම්බන්ධ අරමුදල් පමණි. එසේ නොවන වෙනත් ක්‍රම අනුව ලියාපදිංචි වුනු ආයතනයන්ට ද මේ හා ආසන්න මුදල් විශාල ප්‍රමාණයක් ලැබී ඇති අනුමාන කරමු. විශේෂයෙන් ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවේද මෙම සංවිධානයන් සමාජයට මෙම දායකත්වය ලබාදී තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් සෙනෙහස නමින් ව්‍යාපෘතියක් සංවිධානය කළ අතර ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන වලින් මිලියන 1043 ක් ලබාදි තිබිණි. ඒ මුදල විවිධ ප්‍රජා ව්‍යාපෘති වලට යොදා ගනු ලැබුවේය. IMF ක්‍රියාත්මක වීමේදී අසරණභාවයට පත්වෙන පවුල් 23990 ක් ගාල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගෙන තිබිණි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් විසින් එම පිරිස 12000 පමණ අඩුකිරීමට මෙම සෙනෙහස වැඩපිළිවෙළ යටතේ හැකිවිය. ප්‍රාදේශීයව ජාලගතව එවැනි ප්‍රජා ක්‍රියාකාරිත්වයට දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය බලය ලේකම් කාර්යාලය විසින් විමධ්‍යගත කර තිබේ. අවශ්‍ය සම්බන්ධීකරණය පමණක් ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ. රාජ්‍ය නොවන සංවිධාන වල අරමුදල් සංසරණය වන ක්‍රම සම්බන්ධයෙන් ලේකම් කාර්යාලයට අවබෝධයක් තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන ගැන ජනතාව තුළ තිබූ ආකල්පය සෘණ මට්ටමේ සිට ධන මට්ටමකට ගෙන ඒමට ලේකම් කාර්යාලයට හැකිවී තිබේ. ඔවුන්ගේ විනිභාවයත්, වගවීමත් යම් ප්‍රමාණයකට වර්ධනය වී තිබේ. විශ්වාසය ගොඩනැගී තිබේ. ලේකම් කාර්යාලය තොරතුරු දැනගැනිමේ පනතට ඇතුළත් නිසා රාජ්‍ය නොවන සංවිධාන තමන් සම්බන්ධයෙන් තොරතුරක් අපේක්ෂා කරන පුද්ගලයන් සඳහා තොරතුරු ලබාදීමට බැඳී සිටී. ලේකම් කාර්යාලට අයත් වෙබ් අඩවියේ රාජ්‍ය නොවන සංවිධාන, ලිපිනයන්, දුරකතන අංකයන් ඇතුළත් කර තිබේ. රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබෙන්නේ පොදු මුදල් ඒ නිසා ඊට වගකීම, වගවීම ඔවුන් සතුයි.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් චෝදනා ලැබුණු වහාම ක්‍රියාත්මකවීමට අපට යාන්ත්‍රණයක් තිබේ. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, රාජ්‍ය බුද්ධි අංශය, බැංකු පද්ධතියත් එක් වේ. අරගලයට රාජ්‍ය නොවන සංවිධාන‍ වලින් අරමුදල් ලබා දුන් බවට චෝදනාවක් විය. නමුත් අරගලයට සංවිධාන වශයෙන් අරමුදල් සැපයුවා කියලා කිසිඳු සාක්ෂියක් ලේකම් කාර්යාලයට ලැබී නොමැත. සංවිධාන වල පුද්ගලයන් අරගලයට දායක වෙලා තියෙන බව සත්‍යයක්. රාජ්‍ය නොවන සංවිධාන වලට යම්කිසි ප්‍රධානක ආයතනයක් අරමුදල් ලබාදෙන්නේ කිසියම් නිශ්චිත අරමුණකට. ඒ මුදල් නිසි පරිදි යෙදවී ද යන්න සෙවීම ලේකම් කාර්යාලෙය් වගකීමක්. අරමුදල් භාවිතයන් අනිවාර්යයෙන් පිළිගත් ආයතනයක් මගින් විගණනකට ලක් කළ යුතුයි. විගණනයට හසුනොකර ක්‍රම මගින් අක්‍රමිකතා සිදුවිය හැකියි. නමුත් සමස්තයක් ලෙස යම් ආකාරයක විනිවිදභාවයක් තිබේන නිරීක්ෂණය වී තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අලුත් පනතක් ගෙන ඒමට අවස්ථාවන් කීපයකදීම උත්සාහ ගෙන තිබේ. 2005 වසරේ දී මුලින්ම මේ සඳහා උත්සාහයක් ගෙන තිබිණි. අවුරුදු 20 ක් ගත වුනත් තවමත් එය සාර්ථක වී නැත. දැනට ක්‍රියාත්මක වන පනත 1980 දී සම්මත වුනු අවුරුදු 44 ක් පමණ පැරණි පනතක්. මේවන විට රාජ්‍ය නොවන සංවිධාන සමග, රජයේ අනෙක් පාර්ශ්වයන් සමගත් සාකච්ඡා කර නව පනතක් සකස් කිරීමේ වැඩපිළිවෙළක් මේවන විට ඉදිරියට පැමිණ තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලේකම් කාර්යාලය එහි අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග රාජ්‍ය නොවන සංවිධාන පස්වතාවක් සාකච්ඡා කර තිබේ. මීට කලින් ගෙන ආ පනත් ඉදිරියට ගෙන යාමට නොහැකිවීමට ප්‍රධාන හේතුවක් වූයේ රාජ්‍ය නොවන සංවිධාන වල අදහස් විමසීමකින් තොරව කටයුතු කිරීමේ හේතුවෙන්. ඒ අවස්ථාවන්හීදී රජය නියෝජනය කරන පාර්ශ්වයන් බලහත්කාරයෙන් යෝජනා ඇතුළත් කිරිමට උත්සාහ කිරීම නිසයි.

රාජ්‍ය නොවන සංවිධානයන්ට මුදල් ලැබෙන්නේ විශාල කාලයක්, ශ්‍රමයක් වැය කරමින් ඔවුන් තෝරාගන්නා සමාජයේ ගැටළුවක්, යම් රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා ව්‍යාපෘති සැලැස්ම සකස් කර අරමුදල් ලබා ගනී. එම අරමුණු ක්‍රියාත්මක කිරීමට යෑමේදී රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධ වන අවස්ථාවේදී රාජ්‍ය යාන්ත්‍රණයන් විසින් ඔවුන්ට අවශ්‍ය වෙනත් යෝජනා සඳහා වැය කිරීමට යෝජනා කරනු ලබයි. රාජ්‍ය නොවන සංවිධානයන්ට අරමුදල් ලැබී තිබෙන්නේ පැහැදිලි, නිශ්චිත වෙනත් අරමුණු සඳහා ය. ඒ නිසා රාජ්‍ය නොවන සංවිධාන තුළ අරමුදල් පාලනයට රාජ්‍ය ආයතන අයථා විදියට මැදහත් සම්බන්ධව ගැටළුවක්, බියක් තිබේ. නමුත් ලේකම් කාර්යාලය චක්‍රලේඛන මගින් මෙම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරී සැලැස්ම ලේකම් කාර්යාලය ලබාගත්තත් එ්වා ක්‍රියාත්මක කිරීමට අනුමැතියක් අවශ්‍ය නොවේ. සංවිධානයන්ගේ ක්‍රියාකාරි සැලැස්ම ගැන කාර්තු අනුව විමර්ශනයක් කිරීම දැනට ලේකම් කාර්යාලයට ඇති සැලසුමයි. අදාල පලාතේ ප්‍රාදේශීය ලේකම් හෝ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන රැස්වීම් වලදී සංවිධාන සැලසුම් ඇගයීමකට ලක් කරනු ලැබේ. වර්තමානය වන විට රාජ්‍ය නොවන සංවිධානයන් රජයේ පිළිවෙත දැන් වෙනස්වී ඇති බව. අවබෝධ කරගෙන තිබේ.

රාජ්‍ය නොවන සංවිධානයන්ගේ කටයුතු පහසු කරවීම ලේකම් කාර්යාලයේ අරමුණයි. දැනටම දිස්ත්‍රික් ලේකම්වරුන්ට රාජ්‍ය නොවන සංවිධානයන්ගේ කාර්යයන්ට සහය ලබාදීමට සහ ඇගයීම් කිරීමට ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් යෙදවීමට දැනුම්දීම් කර තිබේ. මල් නොතලා රොන් ගන්නවා වගේ, රාජ්‍ය නොවන සංවිධානයන් ද අපහසුතාවයකට පත් නොකර ඔවුන් සතු සම්පත් හා දැනුම රටේ සංවර්ධනයට සහ ප්‍රජාවගේ සුබසිද්ධියට භාවිතා කිරීම දැන් ක්‍රියාත්මකයි. රටේ සංවර්ධනයට අරමුදල් නැතිවුනු අවස්ථාවේ දී රාජ්‍ය නොවන සංවිධාන විසින් එවැනි ව්‍යපෘති ගණනාවකට මැදහත් වුනා. පාසැල් ළමුන්  දිවා ආහාර වේල, සනීපාරක්ෂක තුවා ලබාදීමට රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරනු ලැබුවා. රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ට අවශ්‍ය සහය ඒ අවස්ථාවන් වලදී ලබා දී තිබුණා. විවිධ අංශ අනුව රාජ්‍ය නොවන සංවිධාන වර්ගීකරණයක් කිරීම කරනු ලැබුවා. සංවර්ධන කාර්යයන් කරන සංවිධාන, සංහිඳියාව කාර්යයන් කරන සංවිධාන, ජනසභා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සංවිධාන වශයෙන් ඔවුන් වර්ගීකරණයක් කර සංවිධාන කරමින් විවිධ කමිටු සහ රැස්වීම් හරහා පහසු කරනු ලැබූවා. එසේ වූ විට එම සංවිධානත් වැඩි වගකීමකින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උත්සහ ලැබුවා. ක්ෂූද්‍ර මූල්‍ය ගැටළුවේ දී රාජ්‍ය මූල්‍ය සංවිධාන ලෙස ලියාපදිංචි කරනු ලැබූවා. ඒ නිසා එහිදී වෙනම අංශයක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබුවා.

© De Silva

Social Sharing
අවකාශය නවතම විශේෂාංග