2024 අයවැය හෙට පාර්ලිමේන්තුවට

ලබන වසර ( 2024)  සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට (13) දහවල් 12.00 ට ඉදිරිපත් කෙරේ.

ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ  මුදල් ඇමැතිවරයා වශයෙනි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (14) ආරම්භ කෙරේ. එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් ( ඉරිදා දින හැර) එක දිගට පැවැත්වෙන බව  පාර්ලිමේන්තුවේ  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

අයවැය දෙවෙනි වර  කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා අඟහරුවාදා සවස 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම  මස 22 වැනිදා බදාදා සිට ලබන  මස 13 වැනිදා බදාදා දක්වා ( ඉරිදා දින හැර) දින 19 ක්  පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

අයවැය තෙවැනි  වර  කියවීමේ ඡන්ද විමසීම ( අවසාන ඡන්දය) ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00 ට පැවැත්වේ.

Social Sharing
නවතම පුවත්