අඳුර එලවා සංවර්ධන ආලෝකය පහල වෙමින් තිබෙනවා

 

ලංකාව වසර ඉකුත් වසර දෙකක මුහුණ දුන්  අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට  ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ දී ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා සශ්‍රීකත්වයේ පහන් එළි  දල්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමටත් ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා සදාකාලික සහජීවනයෙන් යුතු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමටත් මෙවර දීපවාලි සැමරුම ආශිර්වාදයක් වනු ඇතැයි කීය.

අන්ධකාරය පරදා ආලෝකය ජයග්‍රහණය කරන  දිපවාලි සැමරුමකට ශ්‍රී ලංකාවාසී සහ ලොවපුරා සියලු හින්දු බැතිමතුන්ට ශුභාශිංසන පිරිනමන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)

Social Sharing
නවතම පුවත්