ජංගම දුරකථනය නොදුන්නැයි සිත්තැවුලට පත් සිසුවිය ගෙල වැලලාගෙන මරුට!

ගෙල වැළලාගෙන සියදිවි නසාගත් බවට සැක කෙරෙන නව හැවිරිදි දැරියකගේ මළසිරුරක් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පෙරේදා (31 වැනිදා) රාත්‍රී රැගෙන විත් ඇතැයි එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මරදාන, ෆෝකර්ස් පටුමගේ පදිංචිව සිටි එම්. ෆාතිමා නම් නව හැවිරිදි දැරියකි. මෙම දැරියගේ මව විදේශගතව රැකියාවක් කරන බව හෙළිවී ඇතැයි මරදාන පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. ජංගම දුරකථනය ලබා නොදීම හේතුවෙන් කළකිරී දැරිය මෙලෙස සිය දිවි නසාගෙන ඇතැයි සැක කරන බවද හෙතෙම කියා සිටියේය. මේ පිළිබඳව මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

Social Sharing
නවතම පුවත්