සුරාබදු, දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව ගැන විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා!

සියයට 90ක බදු ආදායමක් රටට උපයා දෙන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව යනාදී ආයතන තුන සිදු කළ විමර්ශනවලට අනුව එම ආයතන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.

මේ ආයතන තුන සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි මාස දෙක තුන තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ පිළිබඳ යෝජනා සම්මතයක් ගෙනැවිත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සභාව කටයුතු කළ යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

මෙම කාරක සභාවට වසර 100ක් සපිරෙන අවස්ථාවේ මේ නිර්දේශ ඇතුළත් වාර්තාව ඉදිරිපත් කරන්නේ යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් සභාව කල් තබන අවස්ථාවේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

Social Sharing
ආර්ථික නවතම පුවත්