පෙම් යුවලක් නිසා පවුලකට තිස්සමහාරාම පොලීසියෙන් පීඩා!!!

හ/ බෙරලිහෙල කනිටු විදූහල වෙත තිස්සමහාරාම හා කළවාන යන පොලිස් ස්ථානවල නිළධාරින් ගොස්, 06 වසර සිසුවියක් හිංසනයට ලක් කිරීම හේතුවෙන් ඇයගේ පාසල් ගමනද නතරකර ඇතැයි දෙමාපියන් කියා සිටී.

මෙලෙස පොලීසිය හා විදූහල්පති විසින් හිංසනයට ලක්කර ඇත්තේ තිස්සමහාරාම, බෙරලිහෙළ, කු.ග 04, අංක 49/2 දරණ ලිපිනයෙහි පදිංචි, බෙරලිහෙළ කනිටු විදූහලේ 06 වසර ඉගණුම ලබන, 11 හැවිරිදි සිසුවියකි.
සිද්ධිය මෙසේය.

මෙම සිසුවියගේ මවගේ බාල සෙහොයුරා විසින් කලවාන ප්‍රදේශයේ, ව්‍යාපාරිකයකුගේ දියණියක් හා සම්බන්ධ වී පලාගොස් ඇති අතර, ව්‍යපාරිකයා විසින් කලවාන පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම පොලීසිය හා තිස්සමහාරාම පොලීසියෙ නිළධාරි කණ්ඩායමක් ඉකුත් 11දා එම තරුණයාගේ නිවසට ගොස් පරික්ෂාකර ඇත.එහිදී වියපත් පියාගෙන් පුතා පිලිබදව ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව යාබද ගමේ පිහිටි අදාල තරුණයාගේ සහෝදරියගේ නිවසට ගොස් පරික්ෂාකර ඇති අතර,ඇය එම නිවසෙහි නොසිටිය හෙයින් ඇයගේ කුඩා දියණිය ඉගණුම ලබන බෙරලිහෙළ කනිටු විදූහල වෙත පොලීසිය ගොස් ඇත. ඇය පවසා සිටින්නේ කුඩා ළමයි බොරු නොකියන නිසා, තම දියණියගෙන් සත්‍ය හෙලිකර ගැණිමේ පරමාර්ථයෙන් යුතුව පොලීසිය බෙරලිහෙළ විදූහලට ගොස් විදූහල්පතිගේ පූර්ණ සහාය ඇතිව ඉහත දැරියගෙන් ගුරු සිසු හමුවේ තම මාමා ගෙදරට නැන්දා කෙනෙක් රැගෙන ආවාද, තම මාමා ඉන්නේ කොහිදැයි යනුවෙන් විවිධ ප්‍රශ්ණ අසා ඇත. ඇය භීතියට පත්ව හඩමින්, මානසික පීඩනයට ලක්වී ඇත. මේ වනවිටත් පාසල් ගමන නතරකර ඇත. පොලීසි දෙකක නිළධාරින් පාසල් වෙලාවේ අනවසරයෙන් පාසලට ඇතුළු වී, බාලවයස්කාර දියණියගෙන් නොදන්නා සිද්ධියක් පිළිබදව ප්‍රශ්ණ කරමින් ඇය මානසික හිංසනයට ලක්කර ඇතැයිද පවසා මානව හිමිකම් කොමිසම හා ජාතික ළමාරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පොලිස්පති ඇතුළු ආයථන රැසක් වෙත ලිඛිතව පැමිණිලි කිරීමට දෙමාපියන් කටයුතු කර ඇත.

මේ පිළිබද අදහස් දක්වන එම දැරිවියගේ සීයා හෙවත් මවගේ පියා වන එන්. ඒ.සයිමන් මහතා (76 වියැති)

පසුගිය දිනක උදේ 06.30ත් 07.00 අතර පොලිස් කන්ඩායමක් ඇවිත් ගෙදර බඩුමුට්ටු පෙරලා දමා මගේ පුතා වූ සංජීව ප්‍රියංකර කෝ කියා ඇහුව, මම දන්නෙ නැහැ.කාලෙකින් ගෙදර ආවෙත් නැ කියා කිව්ව. දූව කෝ කියා ඇහුව.මම කීවා අල්ලපු ගමේ පදිංචි වෙලා ඉන්නෙ කියා. එහෙනම් දූලයි ගෙදර යමු කියා වාහනේට නග්ගගෙන ගියා. එහි කිසිවකු හිටියේ නැහැ. දියණිය බෙරලිහෙල පාසලට ගියා කියල අසල්වැසියන්ගෙන් දැනගත්ත. යමු පාසලට කියා එක්කගෙන ගියා.පාසලේ විදූහල්පතිට කථාකරල දරුවා ගෙන්වාගෙන මාමා ගැන විවිධ ප්‍රශ්ණ පොලීසිය හා විදුහල්පතිතුමා අහන්න ගත්ත. දරුවා වෙව්ලා හඩමින් කීවා එයා දන්නෙ නෑ කියා.අපේ ගෙදර මල්ලියි මමයි අම්මයි විතරයි ඉන්නෙ කියල. මේ වනවිය මගේ පුතා සොයාල ගෙනත් දෙන්න කියල පොලීසිය දූවට කරදර කරනව. පුතා කළවානෙ ගෑණු ළමයෙක් එක්ක යාළුවෙලා පැනල ගිහිල්ල, අපි දන්නෙත් නැහැ. මෙහෙ එන්නෙත් නැහැ. මේ තත්වය මත අපේ ජීවිතවලට හානියක් වුනොත් කලවාන හා තිස්සමහාරාම පොලීසිය වග කියන්න ඕන.

එන් ඒ. සරෝජනී. ( 39 වියැති)

අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. පුරුෂයා දූර පලාතක වැඩකට ගිහිල්ල. මට ළමයි දෙන්නෙක් ඉන්නව. 2023.09.11 වනදා වැඩිමහල් දියණිය පාසලට දාලා පොඩි දරුවට බෙහෙත් ගන්න ගියා. දූව ඉස්කෝලෙ සිට පැමිණ මට කීව, පොලීසියෙන් ඉස්කෝලෙට ආවා, ගෙදර ඉන්නෙ කවුද, මාමා ආවාද, මාමා නැන්ද කෙනෙක් එක්ක ආවද, ඉන්නෙ කොහෙද, මාමට ආදරේද ආදී දේවල් ප්‍රින්සිපල් සර් සහ පොලීසියෙන් ඇහුව.මම කීවා මල්ලියි මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නෙ කියා. තව දේවල් ඇහුව, මම බය වුනා, මට ලැජ්ජයි. අම්මෙ මට ඉස්කෝලෙ යන්න බැහැ කියලා දුව කිව්වා.

මට තිස්සමහාරාම පොලීසියට එන්න කියල තිබ්බ නිසා මම එදා හවස 04.00 ට එහිට ගියා, මට පොලීසිය කීවා මල්ලි ගෙනත් දෙන්න, නැත්නම් කුඩු කරනව, දින 14කට ඇතුලට යවනව කියල තර්ජනය කලා.මම රාත්‍රී 07.30ට නිදහස් කරල හෙට උදේ 10.00 වනකොට මල්ලීව ඔින, එහෙම නොවුනොත් දින 14කට ඇතුලට යවනව කීව. ඊට පස්සෙ පොලීසියෙන් නිතර ගෙදරට කඩා පනිනව, අපට ගෙදර ඉන්න දෙන්නෙ නෑහැ.දරුවො බය වෙලා, දරුවට ගෙදර ඉන්න බෑහැ කියනව, පාසල් යන්න බැහැ කියනව. නොදන්න දේවල්වලට ඇයි අපට පොලිසිය කරදර කරන්නෙ. පොලීසියට පුළුවන්ද පාසලකට ඇතුළු වී ළමා අයිතිවාසකම් උල්ලංගණය කරමින් පාසල් සිසුන්ගෙන් ප්‍රශ්ණ කරන්න. ඒ වගේම පාසලක විදූහල්පති සිසුන්ගේ භාරකාරය. සිසුන් ආරක්ෂා කරනව වෙනුවට සිසුන්ව හිංසාවට ලක් කරමින් ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කරනව. පොලීසිය අපිව නොරමරා මරනව.මේ පිලිබදව පොලිස්පතිවරයාගෙ සහ අධ්‍යාපන ඇමතිවරයාගේ අවදානය යොමු කරන්න කියා මා ඉල්ලා සිටිනව.

සටහන
තරංග එල්.පටබැදි

Social Sharing
නවතම පුවත්