මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කිරිම ගැන රාජපක්ෂලාට චෝදනා!

මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි වුණා. එම තත්ත්වය නැති කරන්නයි අප සියලු දෙනා එකතුවී මෛත්‍රිපාල ජනාධිපතිතුමාව පෙරට රැගෙන ආවේ. එතුමා යටතේ දැන් යහපාලනය ආරම්භ වෙලා. අද ජාතික ආණ්ඩුවක් ඇතිවෙලා. මේක රට ඉදිරියට ගෙන යාමට හොඳම අවස්ථාවක්. අද කොටසක් ප්‍රතිවිප්ලවයක් කරන්න හඳනවා. වර්ජනයෙන් විවිධ දේ කරන්න හදනවා. ඒ අය මේ මාධ්‍යවේදීන් ඝාතනය කරන විට, අතුරුදන් කරන විට කළේ මොකක්ද. යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව විමසා සිටියේ නිදහසේ වේදිකාවසහ සිවිල් සංවිධාන එකතුව  විසින් ජගත් මානව හිමිකම් දිනය සමරමින් සංවිධානය කර තිබුණ විශේෂ රැස්විමකදිය…..(10/12/2015)

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ජගති මානව හිමිකම් දින සැමරුමේදි මිට වසර 8 කට ඉහතදි ඒ ප්‍රකාශය කියන්න යෙදුණි.

මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෙනුවෙන් යාපනය මාධ්‍ය සමාජය නියෝජනය කරමින් ආර් .දායබරන් මහතාත් වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ කැදවුම්කාරිනි දීප්ති අධිකාරි මහත්මිය විසින් ඝාතනයට සහ අතුරුදහන් කරනු ලැබු මාධ්‍යවේදින්ගේ ලයිස්තුව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර  දි තිබුණි.

චැනල් 4 සිදුවිමත් සමගින් දැන් යළිත් වරක් රාජපක්ෂ රෙජිමය විසින් සිදුකරන ලද ඝාතනය ගැන සංවාදයක් මතුව තිබේ.

එහෙත් දකුණටත් කාර්දිනල්  හිමියන් ඇතුලු දකුනේ කතෝලික සභාවටත්   මතකයේ  ඇත්තේ පාස්කු ප්‍රහාරය ගැන පමණක් වුවද රාජපක්ෂ රෙජිමය විසින් අසරණ ජිවිත දස දහසක් ගණනක් ඉතිහාසය පුරා බිලිගෙන ඇත.

වැඩිම මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණනක් ඝාතනය කළ පාලන රෙජිමය ලෙස රාජපක්ෂලා ඉතිහාස ගත වි හමාරය.

නින්දෙන් ඇහුරුනාක් මෙන්ම විපක්ෂ නායකවරයාද ලසන්ත ගැණ පමණක් කියමින් පාර්ලිමේන්තුව දෙවණත් කරමින් කථා කළ ආකාරයක්ද දක්නට ලැබුණි.

රාජපක්ෂලා විසින් සිදුකරන ලද මේ සියළු ආකාරයේ ඝාතයන් ගැන රට තුල යළිත් වටයකින් සංවාදයක් මතු කළ යුතුව තිබේ. එහෙත් අවාසනාව වන්නේ මේ රටේ විපක්ෂය හෝ විවිධ ප්‍රවේශයන් හරහා බලයට  ඉව අල්ලන වාමාංශික කණ්ඩායම් හෝ විශේෂයෙන්ම රාජපක්ෂලා විසින් උතුරේ සහ නැගෙනහිරදි කරන ලද ඝාතනය ගැන මික් නොකියා සිටිමය.

උපුටා ගැනීම – මීපුර

Social Sharing
අවකාශය නවතම පුවත්