සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමයක්

හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බන්ධනාගාරය දැනට පවතින වැලිකඩ සිරගෙදර මෙන් හතර ගුණයක් පමණ විශාලව නවීන පහසුකම් සහිතව ඉදි කිරීමට සූදානම් බවත් එළිමහන් බන්ධනාගාර පද්ධතිය ප්‍රවර්ධනය කිරීමටත් සිවිල් වැරදිකරුවන් සඳහා භූ ටැග් ක්‍රමය හඳුන්වා දීමටත් බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ වාණිජ වටිනාකම රුපියල් බිලියන 32 කට අධික බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් හොරණ ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රමාණයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා පවරාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජයරත්න ප්‍රකාශ කරයි.

 

 

Social Sharing
නවතම