අල්ලගත්තොත් විඳවනවා. අතහැරියොත් විඳිනවා හර්ෂගේ “ලූ”

harsha gunasena song lu

හර්ෂ ආරියසිංහ මහතා විසින් නාට්‍ය නිෂ්පාදකයකු සහ ලේඛකයකු වන කමල් පී අලහකෝන් මහතා විසින් ලියන ලද ගීතයක් හර්ෂ ගුණසේන වෙත ඉදිරිපත් කරන ඇත. එයට ගැලපෙන මනා සංගීතයක් රචනය කරමින් ගීතය නිශ්චිත තැනක ස්ථානගත කරන ලද්දේ හර්ෂ ආරියසිංහ මහතා විසිනි.

සංගීත සංයෝජනය කරන ලද්දේ ආචාර්ය හේමලාල් ගිතදේව විසින් වන අතර රූප රචනය කරන ලද්දේ මහේෂ් බී. චන්ද්‍රසේන විසිනි. මේ සියලුම් ශිල්පින් සොයා ගෙන මේ කටයුත්ත සම්පුර්ණයෙන් සම්බන්ධීකරණය කරන ලද්දේද සංගීතඥ හර්ෂ ආරියසිංහ මහතා විසිනි.
මෙම ගීතයෙන් කියැවෙන අදහස ජීවිතය ඉතාමත් කෙටි සහ අනිත්‍ය බැවින් ඉන්නා ටික කාලයේදී ජීවිතය විඳිය යුතු බවත් විඳවිය නොයුතු බවත්ය. දේවල් අල්ලාගැනීමෙන් විඳවිමට සිදුවේ. දේවල් අතහැරීමෙන් ජීවිතය විඳිය හැක.

ජීවිතය විඳින විවිධ ආකාර ගීතයේ සඳහන් වන අතර රූප රචනය මගින් ඉස්මතු කර දක්වන්නේ ඉතාම සරල ලෙස සොබා දහම සමඟ එක්වීම මගින් ජීවිතය විඳිය හැකි බවය. අතීතයේ එල්ලී නොසිට වර්තමානයේ ජීවත්වීමේ අවශ්‍යතාව පිළිබඳවද ගීතයෙන් අවධාරණය කෙරේ.මෙය අධ්‍යාත්මික විමුක්තියේ මුල් අවස්ථාවයි. මෙම පණිවිඩය සමාජයට ගෙන යාමේ ප්‍රවාහකයකු වීමට හැකි වීම පිළිබඳව සන්තෝෂ හර්ශ ගුණසේන මහතා බෙහෙවින් සතුටට පත් වූ බව ඔහු පවසයි..

Social Sharing
අවකාශය නවතම