2024 කියන්නේ මැතිවරණ වර්ෂයක් – රුවන් විජේවර්ධන

මැතිවරණ තුනක් පැවැත්වෙන බැවින් 2024 වසර මැතිවරණ වසරක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය.

විජේවර්ධන පැවසුවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ ලබන වසරේ පැවැත්වෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට පක්ෂ කිහිපයක් සාකච්ඡා කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“සමගි ජන බලවේගය (SJB) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සාමාජිකයින් දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුම්වලට එළඹ තියනවා. ඒ අය අපිත් එක්ක එකතුවෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්.” විජේවර්ධන හෙළි කළේය.

උද්ධමනය අඩු වුවද භාණ්ඩ මිල ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා පෙන්වා දුන්නා.

භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් හඳුන්වාදීම අත්‍යාවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඊයේ (30) එක්සත් ජාතික පක්ෂයේ දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ කාරක සභා රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්