තැපෑල නව්‍යකරණය කිරීමට සැලසුමක්…

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියා සිටිනවා. එමෙන්ම කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ, ඉදිරි වසර දෙක ඇතුලත තැපෑල ඩිජිටල් කර ලාභ ලබන තත්ත්වයක් නිර්මාණය කරන බවත් මේ වසර අවසන් වන විට අලාභය රුපියල් මිලියන 3000කින් අඩු කර ගැනීමටත් 2025 වන විට ලාභ ලබන තැපෑලක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවත්ය.

ඊට අමතරව දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කරන බවත් එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියා.

A5 News

Social Sharing
නවතම පුවත්