ඇට්ලී නිසා සසැලී යන බොලිවුඩය!

 

මේ ඉන්නේ අරුන්. එහෙම නැත්නම් අට්ලී හෝ ඇට්ලී. ඇට්ලී කුමාර්. ඇට්ලී, ශංකර් කියන මාස් කොමර්ශල් මූවීස් හදන ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරමින් හිටපු කොල්ලෙක්. අට්ලීගෙ පළවෙනි ෆිල්ම් එක වෙන්නේ රාජා රාණි. රාජා රාණී බලපු අය දන්නවා මේ ෆිල්ම් එක ඇතුලේ ඇට්ලී කතාව කියන රහ.

සීන් ක්‍රියේට් කරන හැටි. ටෙන්ශන් එක හදන හැටි. ෆිල්ම් එකේ ඉමෝශනල් කෝ එක කොච්චර හයියද..? කොච්චර හොඳට නලුවන්ව මෙහෙයවලාද..? මියුසික් චොයිසස්. නලුවන්ව නිළියන්ව ඉන්ට්‍රොඩියුස් කරන හැටි. මේ ඔක්කොම පැති වලින්, රාජා රාණී හැම විදිහකම ප්‍රේක්ශකයන්ව වසඟයට ගන්නවා. හැබැයි රාජා රාණී හන්දා ඇට්ලී කියන ඩිරෙක්ටර් ලොකුවට ස්ථාපනය වුණේ නෑ. තරු රජ කරන, කොලිවුඩ් වගේ තඩි obsessive ඉන්ඩස්ට්‍රියක ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ස්ථාපනය වෙනවා කියන එක දිග ගමනක්.

රාජා රාණී රිලීස් වෙන්න කලින් ෆොටෝ එකක් තමයි මේ ඊලඟට පල්ලෙහා තියෙන්නේ. ෆොටෝ එකේ කැප්ශන් එක විදිහට ඇට්ලී දාල තියෙන්නෙ කැපිටල් අකුරෙන් “SRK SIR AND ME” කියලා. ෆොටෝ එක බොහෝ දුරට ශාරුක් චෙන්නායි එක්ස්ප්‍රස් ශූට් කරන කාලේ ගහපු එකක් වෙන්න ඕන.

මේ ෆොටෝ එකට වැටුණු කමෙන්ට් එකක් තමයි ඊලඟ ෆොටෝ එකේ තියෙන්නේ. ඔහොම කමෙන්ට් කීපයක්ම තියෙනවා ඔය ෆොටෝ එකට වැටිලා. කට්ටියක් විශ්වාස කරලා නෑ ඇට්ලී කියන මේ තමිල්නාඩුවේ ජීවත් වෙන සහය අධ්‍යක්ශක, කොල්ලා ශාරුක් එක්ක ෆොටෝ එකක් ගැහුවා කියලා.

ඒක තමා මේ කමෙන්ට් කියන කතාව.

රාජා රාණී එකේ සාර්ථකත්වයෙන් පස්සෙ අට්ලී කොහෙටද යන්නෙ, මොනවද කරන්නෙ කියල හොයල බලන්න කට්ටිය උත්සුක වෙනවා. ඔය අස්සෙ තමයි ඒ කාලෙ වෙද්දි කත්ති, තුප්පාක්කි එහෙම කරලා කොලිවුඩ් සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළම තැනට පනින්න ඔන්න මෙන්න කියල ඉන්න විජෙයිට ඇට්ලීව සෙට් වෙන්නේ.

එතකන් මුරුගදෝස්ලා, ශංකර්ලා, එක්ක එහෙම වැඩ කර කර හිටපු, ගෞතම් මෙනන්ල වගේ දැවැන්ත සිනමාකාරයොන්ගෙ එහෙම පවා Script වලට කැමති නැතුව හිටපු විජෙයි, වන් ලයිනර් එකකින් පස්සේ අට්ලීගේ Theri චිත්‍රපටය කරන්න තීරණය කරනවා. Theri තමයි ඇට්ලීව හරවලා කණපිට ගහන්නේ.

විජේ, අද ඔය ඉන්න තැන ඉන්නෙ එහෙම බයක් සැකක් දෙගිඩියාවක් නැතුව Risk ගත්ත නිසා. Theri කියන්නෙ Masala Commercial Film එකක්. හැබැයි මේ Film එකේ තියෙන Emotional Core එක ප්‍රේක්ශකයව අල්ලලා තියාගන්නවා. විජේට එකම ෆිල්ම් එක ඇතුලේ දෙවර්ගයක වීරයෝ දෙන්නෙක් වෙන්න චාන්ස් එක අට්ලී හදලා දෙනවා. කියුට් පොඩි කෙල්ලෙක් ගෙන් උපරිම රංගනයක් ගන්න අට්ලීට පුලුවන් කම ලැබෙනවා. Eenaa Meena Teeka, En Jeevan, Jiththu Jilladi වල ඉඳලා අවුරුද්දේ Strong ම Playlist එක Theri එක්ක එනවා.
Atlee විජේ කොලිවුඩ් වල එකට උස්සලා තියනවා. ඊට පස්සෙ Mersal හරහා ආයෙ ආයෙත් ඒ පළමු තැන කියන Position එක Maintain කරලා දෙන්න ඇට්ලීට පුලුවන් කම ලැබෙනවා. Story එක අවුල්, කතාව එහේ මෙහේ අත යනවා, වුනාට Bigil හරහාත් මේ අට්ලීගේ Iconic Hero Presentation එක බලාගන්න පුලුවන් ඕන කෙනෙක්ට. විශේෂම දේ තමයි මේ හැම කතාවකම, විජේ ද්විත්ව චරිත, ත්‍රිත්ව චරිත කරනවා.

විජේ, Screen එකේ වැලක සරමක් වැනුවත් සතියෙන් කෝටි දෙසීයක් හොයන තැනට ගේන්න, මේ දැන් ඉන්න නලුවෙක්ගෙන් එහා ගිය දෙවියෙක්ගෙ තැනට ගේන්න, අට්ලීගේ මේ Unique Hero Presentation එක මාර ලොකු Impact එකක් වෙනවා. (මුරුගදෝස්ගෙත්)
අනික් පැත්තට Atlee ව, Star Director කෙනෙක් කරන්න මේ චිත්‍රපට හතරට පුලුවන් කම ලැබෙනවා.

2019 දි වගේ ශාරුක් එක්ක අට්ලී චෙන්නායි – කොල්කටා මැච් එකක් බලන් ෆොටෝ එකක් වයිරල් යන්න ගන්නවා. ඇට්ලීගෙ දකුණු පසින් ඔහුගේ බිරිඳ ප්‍රියාත් ඉන්නවා පේනවා. මේ ෆොටෝ කිහිපය කාලේ සමාජ මාධ්‍ය ඇතුලේ ඉහළින්ම කතා වෙන ඡායාරූපය බවට පත් වෙනවා. Media ඒත් හිතන්නෙ ශාරුක් විජෙයිගෙ Film එකක Cameo රෝල් එකකට සාකච්ඡා කරන්න Atlee හම්බවුණා කියලා. ඇට්ලී ශාරුක්ගෙ Film එකක් Direct කරනවා කියලා කාටවත් හාංකවිසියක අදහසක්වත් තිබුණෙ නෑ.

ඉන් පස්සේ ඇට්ලී Red Chillies Entertainment එකට කිහිප සැරයක් ආවා කියලා කතා යනවා. ඇට්ලී මුම්බායි ගුවන්තොටුපලේ ඉන්න ඡායාරූප යනවා. කිසිම නිළ ආරංචියක් එන්නෙ නෑ. Zero Debacle එකෙන් පස්සෙ ශාරුක් අවුරුදු හතරක් නිහඬව ඉන්නවා.

ගිය අවුරුද්දේ Jawan Announcement Video එක එනවා. ඇට්ලී ආයෙත් මාතෘකාවක් වෙන්න ගන්නවා. අවුරුද්දකට පස්සේ Jawan Prevue එක පහුගිය දවසක Release වෙනවා. ඇට්ලී, ශාරුක් ඛාන්ව Never Seen Before Avatars හතරකට වඩා ගාණකින් ඒ ට්‍රේලර් එක ඇතුලේ අපට පෙන්නනවා.

ශාරුක්ව ලස්සනට ඕන උංට එහෙම ලුක් එකක් දෙනවා, සුපර් හීරෝ කෙනෙක් විදිහට බලන්න ආස උංට එහෙම ලුක් එකක් දෙනවා, ශාරුක්ව බෑඩෑස් ගැන්ග්ස්ටර් කෙනෙක් විදිහට බලන්න ආස උංට එහෙම ලුක් එකක් දෙනවා. ශාරුක්ව ඇක්ශන් හීරෝ කෙනෙක් විදිහට බලන්න ආස උංට එහෙම ලුක් එකක් දෙනවා.

මියුසික් ද, ඇක්ශන් ද, ලුක්ස් ඇන්ඩ් ප්‍රසන්ටේශන් ද, කතාව නොකියා කතාව ගැන කුතුහලය හැදීම ද, කොමඩි ද, එන්ටර්ටේන්මන්ට් ද, කිසිම දෙයක් අඩු නැති Trailer එකක් හරහා ඇට්ලී, ඕනම මූවි ඉන්ඩස්ට්‍රියක ලොකුම හයිය වෙන මාස් ඕඩියන්ස් එක අත ඇරගෙන යන බොලිවුඩයට ටොකු ඇන ඇන අමතක වුන දේවල් ආයෙත් මතක් කරලා දෙනවා.

අනික් අතට, අට්ලී තනියෙන් බුදු නොවී, මුලු දකුණු ඉන්දියාවම උතුරට අදිනවා. DOP ගෙ ඉඳලා, Editor ගෙ ඉඳලා, ප්‍රධාන නිළියගෙ, Villain ගෙ ඉඳලා, Music Director ගේ ඉඳලා සියල්ල දකුණෙන්. ඒ අස්සෙ අට්ලී ශාරුක්ට කියලා සම්පූර්ණ දෙමළෙන් Dialogue එකක් Film එකේ කියවනවා. Film එකේ තව මොනවා Pack කරලා තියේවිද කියලා දන්නේ අට්ලීම තමයි.

“ඔබ ජය ගන්නා දිනය ලඟා කර ගැනීමට උවමනාවට වඩා හදිස්සි නොවන්න. ඉක්මන් නොවන්න. ඉක්මනින් හෝ පමා වී හෝ කවදා හෝ දිනන මිනිසෙකු වීමට, ඔබට හැකියැයි සිතා වැඩ කරන්න. ඔබට කල නොහැක්කක් නොමැති බව සිතන්න. අභියෝග භාරගන්න.”

මහත්වරුණි නෝනාවරුණි..,
මේ ඒ 2013 ශාරුක් සමග පෙනී සිටී ඡායාරූපයකට Photoshopped, Edited ආදී කමෙන්ටු වලින් හාස්‍යයට ලක් වූ, එයින් වසර දහයකට පසුව ශාරුක්ගේ සිනමා දිවියේ 64 වැනි චිත්‍රපටය අධ්‍යක්ශණය කිරීමට වරම් ලත්, බොලිවුඩයේ රජුගෙන් Sir කියා ප්‍රසිද්ධියේ ගෞරව නාම ලබනා, 36 හැවිරිදි..,

පිලිගන්න.., මේ ඇට්ලී කුමාර්.

සටහන – මහේල හෙට්ටිආරච්චි

Social Sharing
අවකාශය නවතම විශේෂාංග