ප්‍රසන්නගේ ගෙදරට ප්‍රහාරයක් …!

ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වනවා.

සපුගස්කන්ද පොලීසිය සඳහන් කළේ පහරදීමෙන් නිවසේ ජනෙල් 8කට හානි සිදුව ඇති බවයි.

පහරදීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඒ අවට සවි කර ඇති ආරක්‍ෂිත කැමරාවල රූප රාමු පරික්ෂා කර සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය කටයුතු යොදා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

-News19.lk-

Social Sharing
නවතම පුවත්