සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!

වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික සහ ජාතිවාදී විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමට දායකත්වය සපයමින් සිටින බව දැනගත යුතුමයි.

අපේ රට තලෙයිබානීකරණය කරන්න දඟලන ඕනෑම ආගමක හෝ ජාතියක අන්තවාදීන් අතරෙ එහෙම එකෙක් නොවී ඉන්න. නිදහස, ආදරය, කරුණාව, දයාව, මෛත්‍රීය සහ අපූර්වත්වය වෙනුවෙන් පෙනී ඉන්න.

කවියෙක්, විහිලුකාරයෙක්, කෙටි කතාකාරයෙක්, සංගීතඥයෙක්,

චිත්‍ර ශිල්පියෙක්, සිනමාකරුවෙක් හිර කරන රටක් ඒ මිනිහට ගල් ගහන්න මිනිස්සු කුලු ගන්වන ආගමික අන්තවාදයක් හෝ ජාතිවාදයක් පවතින රටක් කවමදාවත් යහපත් රටක් වෙන්නෙ නෑ.

ප්‍රචණ්ඩත්වය, වෛරය හෝ අසීමිත සීමා තුලින් ජාතියක් ආගමක් බේර ගන්න යනව නම් ඒ ආගම හෝ ජාතිය කවදාවත්ම හොඳින් ඉතිරි වෙන්නෙ නෑ. බොහොමයක් අන්තවාදී වූ රටවල ඇත්තේ විකෘති වූ ආගම්. ඒ ආගමික ශාස්තෲවරුන් දේශනා කල පිරිසිඳු ධර්මයන් නොවෙයි.

විශේෂයෙන්ම බුදු දහම වගේ මෛත්‍රීය කරුණාව දයාව මූලික වූ ආගමක් දහමක් ප්‍රචණ්ඩත්වයෙන් ‍රැක ගන්න බැහැ.

වසර සිය ගණනක් යටත්විජිතයක්ව පැවතුන රටකත් බුදුදහම රැකී පැවතියේ නම් , ඒ දහමට කිසිඳු බලපෑමක් නොවන විහිලුවක්, කවියක්, කතාවක්, සිතුවමක් හෝ මූර්තියක් නිසා ශක්තිමත් සහ සත්‍ය මත පදනම් වූ දර්ශනයක් බිඳ වැටේවිද?

ඒත් මේ ආගමික සහ ජාතිවාදී උන්මාදය විසින් ධර්මය මෙන්ම මුලු මහත් රටත් එහි සංස්කෘතියත් විකෘතියක් කල හැකියි.

වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමේ දායකත්වය සපයමින් සිටින බව මතකයේ රඳවා ගන්න.

සමනලුන්ට වෙඩි තබා ආගමක් හෝ ජාතියක් රැක ගැනීමට නොහැකිය. ඔව්. 1970 දී ඇෆ්ගනිස්තානය තිබ්බ විදිහ ගැන හොයල බලන්න.

මේ සටහන ලියූවේ කිසියම් ආගමක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන නොවේ. පොදුවේ අන්තවාදයට එරෙහිව බවද සැලකිය යුතුය.

-චරිත් සේනාධීර-

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම