මාධ්‍ය වගවීම සහ නතාෂා ප්‍රශ්නය..!

-කේ. සංජීව-

ඊයේ SLVLOG එකේ මංජු ලා තිබ්බ මාධ්‍ය හමුවේදී ඔවුන් අවධාරණය කළේ ඒකේ වගකීම ඒ රංගනය කරපු කෙනා ගන්න ඕනී, තම ආයතනයට ඒ සම්බන්ධයෙන් බැඳීමක් වගවීමක් නෑ කියන දේ.

මේ දේ චමුදිත් කරනවා මම දැකලා තියෙනවා. ‘ඔබ වගකීමෙන්ද කියන්නේ? ඔබ මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ගන්නවද?’ චමුදිතගේ සාකච්ඡාවක් අස්සේ මේ ප්‍රශ්නය අපිට නිතරම ඇහෙනවා. ඒත් ඇත්ත කතාව චැනල් එකට එන මිනිහෙක් මොකක් කිව්වත් ඒකේ වගකීම ගත්තත් නැතතත් චැනල් එකට බැහැ එහෙම තමන්ට සුවර් නැති ඒවා ප්‍රචාරය කරන්න.

මෝඩාභිමානයේ රංගනය ඉදිරිපත් කරපු නතාෂා මොනා කිව්වත් ඒක පළකරනවාද නැද්ද කියන අවසන් තීරණය ගන්න ඕනී චැනල් එක. චැනල් එක ඒක පළකරාට පස්සේ වෛරල් වුණාට පස්සේ ඒ වෛරල් කරපු එවුන් මේකට වගකියන්න ඕනී කියනවා නම් ඒවගේ චැනල් කරනවාට වඩා හොඳයි වහලා දාන එක.

අපි පත්තරේක හෙඩිමක් ගහලා ඒක පත්තුවුණාට පස්සේ ඒක පත්තුකරපු එවුන් වැරදී කියලා කියන්නේ නෑ කවදාවත්. අනික වැරදි නිවුස් එකක් බොරුවක් අපහාසයක් හෙඩිමක් විදිහට ගැහුවට පස්සේ ඒකේ බයිලයින් එක හිමි පත්තරකාරයා නෙවෙයි කරමුලට අහුවෙන්නේ. ඒකට අහුවෙන්නේ පත්තරේ කතෘවරයා. මොකද ඔහු බලලා ඔහුගේ අනුමැතිය එක්ක තමයි ප්‍රින්ට් එකට යන්නේ.  නඩුවක් වැටුණොත් වාර්තාකාරයාට විතරක් නෙවෙයි ඊට කලින් පත්තරේට වැටෙනවා. එතනදි පත්තරේ කතෘවරයාට ‘නෑ මේකේ වගකීම අපි ගන්නේ නෑ මේකේ වගකීම ලියපු හාදයා ගන්න ඕනී’ කියලා කියන්නේ නෑ. එහෙම කියන්නත් බෑ.

අනික මෙතන තත්ත්වය ඊටත් වඩා බරපතළයි. කලින් තිබුණ ඉවෙන්ට් එකක් වීඩියෝ කරලා පස්සේ ඒක නාලිකාවේ පෙන්වනකොට ඒකේ වගකීම සම්පුර්ණයෙන් ම එන්නේ නාලිකාවට. එහෙම තත්ත්වයක් අස්සේ වෛරල් කරපු එකාගැන හොයන්න, උන් වගකියන්න ඕනී කියලා කියන්න බෑ.

මම දැක්කා චමුදිතට විරුද්ධව ජලනි ප්‍රේමදාස නඩුදාලා තියෙනවා කියලා. ඔව් ඇත්තටම නඩුදාන්න ඕනී තමයි. එහෙම නැතිවුණොත් පිස්සන්කොටුවේ ඉන්න පිස්සෙක් ගෙනල්ලා ‘අනේ ඔබ වගකීම ගන්න කියලා’ මයික් එක අල්ලන්න පුලුවන්. අපි නම් තාම පත්තරවල ලියනකොට වෙබ් එකට ලියනකොට මේ ගැන සැලකිලිමත් වෙනවා.. ඒක තමයි ජර්නලිසම් කියන්නේ. ඇත්තටම අපි ඒක ඉගනගත්තේ පත්තර අස්සේ ඉදලා.

ෆේස්බුක් එක කියන්නෙ නම් තමන්ගේ පුද්ගලික තැන. එතනත් තමන්ට ඕනී විදිහට රඟන්න පුලුවන් කියලා එකක් නෑ. එතනත් අවම මට්ටමකට හෝ මේ කියන දේවල් පවත්වාගෙන යනවානම් හොඳයි. ඒත් ඉතිං ඒක පුද්ගලික තෝරාගැනීම. එතනදි යම් කෙළවීමක් වුණොත් තමන්ට තමයි ඒක.

Social Sharing
නවතම විශේෂාංග