වතුර බිල ගෙවන්න ඕනී මම ද? – ගෝඨාභය රාජපක්ෂ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල බිල්පත පියවීම සම්බන්ධයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.

සති අන්ත ඉංග්‍රීසි ජාතික පුවතක් මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම වාර්තාවට අනුව ගෝඨාභයට රාජපක්ෂ මහතාගේ නිල නිවසට රුපියල් හතලිස් හය දහසක ජල බිල්පතක් ලැබී ඇති බව සඳහන් වනවා.

මෙම නිල නිවස ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙර භාවිතා කරන ලද පාර්ශව විසින් නොගෙවා හරින ලද බිල් ගාස්තු ද ඇතුළත්ව තිබෙනවා.

මේ හේතුවෙන් බිල්පත ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

-නිව්ස්19-

Social Sharing
නවතම පුවත්