තමන්ට කැමති OIC ලා දාගන්න අලි පොහොට්ටු හැප්පෙයි…!

ආනමඩුව පොලීස් ස්ථානයට නව ස්ථානාධිපති ලෙස පත්කළ පොලිස් නිලධාරියාට එරෙහිව තමන් විරෝධය පළ කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම නිලධාරියා මීට පෙර දුෂණ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති බවයි.

අදාළ නිලධාරියා මාදම්පේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී මෙම චෝදනා එල්ල වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

තමන් විරුද්ධ වුයේ තම ආසනේට එම නිලධාරියා පත් කිරීමට පමණක් බවත් ඒ සම්බන්ධයෙන් තමා ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු කියා සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී බලපෑම් නොකරන නමුත් දුෂිතයන්ට තම ආසනයට පැමිණීමට ඉඩ ලබා නොදෙන බවයි.

මේ අතර නොහික්මුණු දේශපාලනඥයින්ට පොලීසිය අතකොළුවක් බවට පත් කිරීමේ උවමනාවක් මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ ආනමඩුව පොලිස් ස්ථානයට පත් කරන ලද පොලිස් ස්ථානාධිපතිවරයා යලි ස්ථාන මාරු කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඇතැම් දේශපාලනඥයින් පැරණි ක්‍රමයට යළි හැසිරීම පටන්ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Palitha Range Bandara unp samagi jana balawegaya

 

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා මීට වගකිව යුතු බවත් ඒ මහතා කියා සිටිනවා.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසන්නේ පොලිස් නිලධාරියෙකුට පත්වීම් ලබා දුන් විට එම ප්‍රදේශයේ තම රාජකාරි නිදහෙස් ඒ ඉටුකර නොහැකි නම් රටේ අනෙක් පොදු මහජනතාවගේ තත්ත්වය කුමක්දැයි සිතාගත හැකි බවයි.

-නිව්ස්19-

Social Sharing
නවතම පුවත්